(ඉන්දිකා රාමනායක)
ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති බහින්බස් වීමක් අතරතුර ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ගෝනාපීනුවල හංදියේ දී ඉකුත් (27) දින යතුරු පැදියක් හා පාපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවත්, එම අනතුරින් පසු ඇති වු බහින් බස් වීමක් අතරතුර යතුරු පැදියේ සිටි පිටපසු සිටි පුද්ගලයා කරේ එල්ලා ගෙන සිටි ගමන් බෑගයේ තිබු ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක කර උණ්ඩ 3 න් පොළවට වෙඩි තබා යතුරු පැදිකර පලාගොස් ඇත.
එම සිද්ධියෙන් පසු පලාගිය එම ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු ඔවුන් පදිංචි ප්‍රදේශයවලින් පලාගොස් ඇති බවද හෙතෙම කීය.
මෙම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු ඉකුත් (2) දින ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල වෙඩි තැබු ටී 56 ගිනි අවිය, එම යතුරු පැදිය, ගිනි අවියේ පතරොම් 45 ක්, මැගසින් දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මාර්ග කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගෝනාපීනුවල සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු