IMG-LOGO

ගෝනාපීනුවල මංසන්ධියේ

(ඉන්දිකා  රාමනායක)

ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු  ඇති බහින්බස් වීමක් අතරතුර ටී 56 වර්ගයේ ගිනි අවියකින්  වෙඩි  තබා පලාගිය  සිද්ධියේ   ප්‍රධාන සැකකරු  සහ  වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ  විමර්ශන  කොට්ඨාසය මගින්   ගාල්ලේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ගෝනාපීනුවල හංදියේ දී  ඉකුත් (27) දින  යතුරු පැදියක් හා පාපැදියක්  ගැටීමෙන්      අනතුරක්  සිදුව ඇති බවත්, එම අනතුරින් පසු  ඇති වු බහින් බස් වීමක් අතරතුර   යතුරු පැදියේ  සිටි පිටපසු සිටි   පුද්ගලයා  කරේ එල්ලා ගෙන සිටි ගමන් බෑගයේ තිබු ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක කර  උණ්ඩ 3 න්  පොළවට  වෙඩි  තබා  යතුරු පැදිකර   පලාගොස්  ඇත.

එම සිද්ධියෙන් පසු  පලාගිය එම ප්‍රධාන සැකකරු සහ  වෙඩික්කරු   ඔවුන් පදිංචි ප්‍රදේශයවලින් පලාගොස් ඇති බවද හෙතෙම කීය.

මෙම සිද්ධියට   ආධාර අනුබල ලබා දීම  සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු  ඉකුත් (2) දින  ගාල්ල  දඩල්ල හා දංගෙදර යන  ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ  විමර්ශන  කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල වෙඩි තැබු ටී 56 ගිනි අවිය,   එම යතුරු පැදිය,   ගිනි අවියේ  පතරොම් 45 ක්, මැගසින් දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු  දෙකක්, සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු   මාර්ග කියයි.

මෙම සැකකරුවන් සියලු දෙනා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලියක  සමාජිකයන් බවද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම  සිද්ධියට  සම්බන්ධ  ප්‍රධාන සැකකරු  හා වෙඩික්කරු බද්දේගම ප්‍රදේශයේ සැඟව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ  විමර්ශන  කොට්ඨාසය ලැබුණු තොරතුරක් මත ඉකුත් (5) වැනි දින අත්අඩංගුවට ගත් බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු   ගිංතොට පියදිගම පදිංචි  (31) හැවිරිදි පුද්ගලයකු බවත්, 2015.12.08 දින     හික්කඩුව   ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම,  2018.04.15 දින   හික්කඩුන  පොලිස් වසමේ   ජීව අත්බෝම්පයක්,  පිස්තෝලයක්,  පතරොම්  ළග තබා ගැනීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන  අධිකරණය හමුවේ නඩු පවතින  බවද එම ආරංචි මාර්ග කියයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු  මීටියාගොඩ  වේරගොඩ පදිංචි (29)  හැවිරිදි පුද්ගලයකු බවත්, 2016.04.15 දින අම්බලන්ගොඩ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම, 2017.08.12 දින   බද්දේගම  ප්‍රදේශයේ දී නිවසක දොරකඩා පුද්ගලයකු ඝාතනය කිරීම, 2020.03.06  දින    මීටියාගොඩ පොලිස් වසමේ      හෙරොයින් ග්‍රෑම් 02 යි, මිගිග්‍රෑම් 270 ක ළග තබා ගැනීම සම්බන්ධයෙන් නඩු  පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මොවුන්    කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සදහා  ටී 56 ගිනි අවිය  ගමන්  බෑගයක දමාගෙන මෙලෙස ගමන් කර ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර  නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්   තිලකරත්න  මහතාගේ  අධීක්ෂණය යටතේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ  විමර්ශන  කොට්ඨාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  හේමාල් ප්‍රශාන්ත  මහතාගේ මෙහෙයවීමෙන්  ගිය පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන්  සහ ගිනි අවිය අත්අඩංගුවට ගත්හ.



අදහස් (0)

ගෝනාපීනුවල මංසන්ධියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site