IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගිනිගත් නෞකාවෙ සුන්බුන් ටොන් 300 අහුලයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන් පිටවූ සුන්බුන් හා හා අපද්‍රව්‍ය ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් හමුදා සාමාජිකයන් විසින් සොයා ගෙන අදාළ අංශවලට භාර දෙනු ලැබ ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය  අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ  මහතා පවසයි .

මීගමුව දුම්ගාල්පිටිය වෙරළ තීරයට සහ දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ ගොඩගසන ලද සුන්බුන් එකතු කිරීම සඳහා කටුනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල සාමාජිකයන් එක්දහස්  පන් සිය පනහකට ආසන්න පිරිසක් පසුගිය 27 වැනිදා සිට ජුනි මස 2වැනිදා  දක්වාවූ කාලයේදී යොදවනු ලැබූ බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මෙයට අමතරව උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ වෙරළ තීරයට ගොඩ ගසන ලද නෞකාව පිලිස්සුණු බහලුම් සහ සුන්බුන් පිළිබඳව ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා  පසුගිය 26 වෙනිදා පුළුල්  නිරීක්ෂණයක් කළ බව  ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි .

මේ අතර ගුවන් හමුදාවේ බෙල් 212වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින්  නැවේ ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය  පවුඩර් කිලෝග්‍රෑම්  1830ක් හෙළන ලද බවත් මේ සඳහා එම හෙලිකොප්ටර් යානය ගුවන් ගමන් වාර දහනමයක් ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.

මෙයට අමතරව බීච් ක්‍රාෆ්ට්  බී200වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන්  ගින්න නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරමින් එහි තොරතුරු සමුද්‍රීය පරිසර පරීක්ෂණ අධිකාරියටත් නාවික හමුදාව ඇතුළු අදාළ  අංශවලටත් ලබාදීමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි. 



අදහස් (4)

ගිනිගත් නෞකාවෙ සුන්බුන් ටොන් 300 අහුලයි

chandima Friday, 04 June 2021 02:43 PM

කවුද මේ වගේ වෙලාවක ගණන් මිනුම් කියන්නේ..? ඒක හතෙන් වැඩි කරලා ඒ වන්දි ඉල්ලනවා මිසක්.. උපන්ගෙයි මෝඩයින් ටිකක්නේ... වෙන මොනවා කියන්නද?

:       4       4

Rata Perata Friday, 04 June 2021 03:24 PM

වන්දි ගන්නනේ ඕක ගෙන්නුවේ කියන්නේ.. ඔය සුන්බුන් මැදමූලනටම ගිහින් දාන්න.

:       4       13

Kumara Friday, 04 June 2021 06:14 PM

බඩගෝස්තර 227ටම දුන්නා නම් තමයි හොඳ...

:       0       0

janahitha Saturday, 05 June 2021 03:48 AM

මේකට වගකිව යුතු වරායේ දූෂිත නිලධාරීන්, රහස් පොලීසිය යොදා දඬුවම් කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 526 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site