(ජේ.කේ.එල් චාමින්ද)
ගිංතොට තුනී ලෑලි සංස්ථාව පිහිටි අක්කර 17 ක වපසරියකින් යුතු ඉඩම වහාම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමීන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ප්‍රජා සංවිධාන රැසක සාමාජිකයෝ අද (03) කරාපිටිය නගරයේ සහ ගාල්ල නගරයේ මහජන පෙත්සමකට අත්සන් ලබාගත්හ.
ගිංතොට තුනී ලෑලි සංස්ථාව පිහිටි අක්කර 17 ක ඉඩමක් එක්තරා පෞද්ගලික සමාගමකට එහි බදු පදනම මත මීට වසර ගණනාවකට පෙර ලබා දී ඇති අතර එම ඉඩම නැවත රජයට පවරා ගන්නා ලෙස රජයෙන් ඉල්ලමින් මෙම මහජන පෙත්සම අත්සන් කරනු ලැබුණි.
මෙම පෙත්සම අත්සන කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිංතොට තූනි ලෑලි සංස්ථාවට අයත් ඉඩමක් රජයට පවරාගන්නැයි පෙත්සමකට අත්සන් ගනී
lalithm Monday, 03 February 2020 08:34 AM
හොඳටම ඇත්ත. මේ ප්‍රදේශය ගාල්ලේ තදබදය අඩුකරන්න පුළුවන් වෙන යෝජනාක්‍රමයක් වෙනුවෙන් යොදාගන්න පුළුවන්. හොඳ නිවාස යෝජනා ක්‍රමයකට වගේ. නැතිනම් දේශපාලුවෝ සහ හෙන්චයියෝ කොල්ලකයි.