IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගුණදාස අමරසේකරයෝ මහ මැතිවරණයක් ඉල්ලති

(නිමල කොඩිතුවක්කු)
 
  
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවිමට ජනාධිපතිවරයා වහාම ක‍්‍රියාකළ යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී  අද (8) පැවසීය.

රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් තීරණය එමගින් වඩාත් ශක්තිමතත් කිරීමට හැකිවනු ඇති බවද ඔහු කියා සිටියේය.  

රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.
     ‘‘ජාතික සංවිධාන එකමුතුව විදියට අපි පසුගිය දිනවල මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනයට ලක්කළා. ඒ අපේ පෞද්ගලික ප‍්‍රශ්න නිසා නෙමෙයි. එතුමා පසුගිය වසර තුනක කාළයේ ක‍්‍රියා කරපු ආකාරය පිලිබඳවයි අපි විවේචනය කළේ. ප‍්‍රමාද වී හෝ එතුමා ගත්ත මේ තීන්දුව අපේ ප‍්‍රසාදයට හේතු වි තිබෙනවා.
රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් මාස දෙකක් මේ රට පාලනය කලා නම් ඒක මේ රටේත් ජනතාවගේත් අවසානය වෙන්න තිබුණා. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කටයුතුවල රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පසුගිය දිනවල සක‍්‍රීයව නිරත වී සිටියා. බටහිර බලවේග විසින් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනිමේ අරමුණ ඇතිවයි.

මේ වගේ රටට අහිතකර වැඩපිළිවලක් ක‍්‍රියාත්මක වූ මොහොතක මෛත‍්‍රිපාල සිරිසේන මහතා අරගෙන තියෙන්නේ නිර්භීත තීරණයක්. රට ජාතිය වෙනුවෙන් සිතා එතුමා ගත් මේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම  ව්‍යවස්ථාවට අනුකූලයි. ඒකට වැරදි අර්ථකතන දෙන එක අපි අනුමත කරන්නේ නැහැ.

දැන් බහුතරයක් ගැන කතා කරනවා. ඔලූගෙඩිවලින් බහුතරය බලනවට වඩා පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාළන මැතිවරණයෙන් අපි දැක්කා ජනමතය කොහෙද තියෙන්නේ කියලා.

ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති තීරණය කළොත් කවුද අගමැති කියලා අපි එම තීරණයට ගරු කළ යුතුයි. පුළුවන් ඉක්මණට පාර්ලිමේන්තුව විසුරුවා අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි’’යැයිද ඔහු එහිදී පැවසීය.
 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (11)

ගුණදාස අමරසේකරයෝ මහ මැතිවරණයක් ඉල්ලති

justin Thursday, 08 November 2018 09:42 AM

මෝඩ රැලක් වටේ ඉන්නේ... ව්‍යවස්ථාව පිටිපස්ස පිහදාන කොළ ටිකක් කියා තමයි හිතාගෙන ඉන්නේ..

:       0       0

ලක්ෂ්මන් Thursday, 08 November 2018 09:58 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව අවුරුදු 4 කට පෙර විසුරුවන්න බැහැ. ඔබ කියන්නේ නැවතත් ව්‍යවස්ථාව කඩන්න කියලා නේද?

:       0       0

Senpathi Thursday, 08 November 2018 09:58 AM

මේ මොහොතේ කල යුත්තේ ඒ දේම තමයි. නමුත් ඇමරිකාව, යුරෝපය සහ අනිත් රටවල් මහා ඡන්දයකට යෑම ගැන වෙවුලමින් ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා ගෝලයන්ට වෙන්නේ මොකක්ද කියල.

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 10:06 AM

අපිත් ඉල්ලන්නේ මහා මැතිවරණයක්. රනිල්ලා ශ්‍රේෂ්ටාධිකරණයට යන්න භයනම් යන්න මහමැතිවරණයකට. එහාකොට ජනතාව එජාපයේ දැන් ඉන්න මැති ඇමති වරුන්ටත් තීන්දුව දෙවි. හොඳයි නේද යෝජනාව.

:       0       0

athula Thursday, 08 November 2018 10:19 AM

අනේ මේ ඔයාලගේ හරි වැරැද්ද නිගමනය වෙන්නේ ඔයාගේ ඔය පාට කන්නාඩියෙන් එක අපට ඕන නැහැ ...ඔහොම මහා මැතිවරණ තියන්නා ගියොත් රට විනාස වනවා පමණක් නොව විනාශ කරන මහා දානස් කන්දයත් අපි ගෙවන්න ඕන ,,,ඔය හෙට අනිද්දා මැරිලා යාවි ඕව ගෙවන්න වෙන්නේ අනහත දුප්පත් දරැවන්ට ...

:       0       0

Hafeel Thursday, 08 November 2018 11:06 AM

මෙයා කිව්ව නේද මහින්ද හොරකම් කලාට රටට වැඩ කරල තියනවා කියල. මහින්ද මහත්තයාත් දැන ගතයුතුයි වටේ ඉන්න අය ගැන. අඩි හයේ කතාවත්, සරත් න් සිල්වා 2015 ඡන්ද කාලේ කිව්ව කතාවලුත් හොඳ පාඩමක්.

:       0       0

kap Thursday, 08 November 2018 11:12 AM

ගොඩක් ප්‍රතිචාර ලියන්නෙ විශ්‍රාම ගිය නාකි මිනිස්සු. මේ අය තරුන පරම්පරාව ගෑන හිතන්නෙ නෑ. මේ අයට මේ වගේ තීන්දු ගන්න අයිතියක් නෑ. මොකද මේ අයගෙ වෑඩ නිසා මේ රට බාල්දුවෙලා තියෙන්නෙ. අඩුම ගානෙ තරුණයන්ට අනාගතය සලසා ගන්න දීල මේ වගේ මෑරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සු දෑන් පන්සල්වල ජීවිතේ ගෙවන්න ඕනෙ..

:       0       0

shan saudi Thursday, 08 November 2018 01:35 PM

මොකද මේ හීනෙන් අැහැරිලාද? උගත්තු කීවට මෙලෝ දෙයක් දැන් නැහැනේ.. වසර හතරහාමාරක් යනකල් ඉන්න ඕනේ කියල අහලවත් නැද්ද? මේ 18 වන සිය වසේ නෙවේ අපි ඉන්නේ... අනේ මන්දා?

:       0       0

සනත් Thursday, 08 November 2018 01:44 PM

මුන්දැට දැන් අසූවත් පැනලා... වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්න එකේ මේ මළකෝලම් අතෑරලදාලා පිනක්, දහමක් කරගෙන පෙරේත ලෝකෙටවත් යන්න උත්සාහ කළොත් හොඳයි. නැත්නම් අවීචියට තමයි යන්න වෙන්නේ...

:       0       0

ROCKY Thursday, 08 November 2018 02:50 PM

දත් දොස්තර ගොයියට දැන් නම් හොඳටම අප්සට් වගේ... මනුස්සයෝ, පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කමක් නැහැ! මේ යක්කු කියන විදිහට වැඩ කරන්න ගියොත් අපට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ.

:       0       0

සමන්ත Thursday, 08 November 2018 03:55 PM

මේ පුදගලයා වයසට ගියත් තවමත් කතාකරන්නේ අර පරණ ජාතිවාදී වෛරයෙන්මයි. පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ ඔලු ගෙඩි වුනාට ඒ තමයි මහජනතාව පත්කළ නියෝජිතයින්. ජනතා පරමාධිපත්‍යය තියෙන්නෙත් එතැන. කොළ, නිල්, රතු කියලා එකාධිපතියෝ නැහැ. මතකයි නේද එදා ජේ.ආර්.ට කියපු දේවල්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site