IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගෝඨා ගමන්ගත් වාහනය හක්මනදී අනතුරකට ලක් වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ යසන්ත ආරියසේන)
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසයි.
 
එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැත.
 
අත් ට්‍රැක්ටරයේ හැපීමෙන් පසු ඔවුන් ගමන් කළ ජීප් රථය පාරෙන් ඉවතට පැන ඒ අසල කොට්ටම්බා ගසක හැපී නැවතී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
 
අනතුරින් තුවාල ලැබු ට්‍රැක්ටර් රියදුරා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රජයේ රෝහල වෙත ඇතුලත් කර සිටී.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිද කොළඹ සිට මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණ පා තිබෙන බව කියයි.
 
අනතුර සිදු වීමෙන් පසු ගොඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය වෙනත් වාහනයක් ගෙන්වා ගෙන මැදමුලන බලා පිටත්ව ගොස් තිබේ.
 
මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගෙන ඇත.
 
තවද ජීප් රථය පැදවු රියදුරු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත හක්මන පොලීසියේ ස්ථානාධිපති නලින් වීරවර්ධන හා රථ වාහන අංශයේ ස්ථානාධිපති ටී.කේ.ගුණරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (6)

ගෝඨා ගමන්ගත් වාහනය හක්මනදී අනතුරකට ලක් වෙයි

sirimal Wednesday, 07 November 2018 08:00 AM

මෙයාට තවම හෙලිකොප්ටර් පහසුකම් ලැබිලා නැද්ද?

:       1254       1440

ලුම්බිණි Wednesday, 07 November 2018 10:06 AM

ජීප් රථය පැදවු රියදුරු හිතා ගෙන යන්න ඇති අත් ට්‍රැක්ටරය පාරෙන් ඉවතට ගනීවි කියල.

:       42       14

Rata Perata Wednesday, 07 November 2018 10:21 AM

පව් ට්‍රැක්ටර් රියදුරා.

:       7       10

rocky Wednesday, 07 November 2018 11:13 AM

දැන් විමල් විරවංශ කියාවි මේකත් කුමන්ත්‍රණයේ කොටසක් කියල.

:       46       126

විමල් වීරවංස Friday, 09 November 2018 12:07 PM

මේක ගෝඨා මරන්න කරපු කුමන්ත්‍රණයක්...!

:       0       0

uddika Saturday, 10 November 2018 09:41 AM

අර ජවීපෙ මන්ත්‍රීතුමා බීලා ගිහින් ඇනගත්තා වගේ නෙමෙයි නේද?

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site