(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) මාධ්‍ය වෙත නිකුත් කළේය.
ගෝඨාභය මහතා ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාදීමේ සහතිකයද එහිදි ඉදිරිපත් කරනු ලැබිණ.
ඔහු මෙම ලේඛන ඉදිරිපත් කරනු ලැබුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී වන අතර ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුම උපදෙස් මත රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ දෙන්නෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙක් නොවන බවට නඩුවක් පවරා ඇති බැවින් එයට පදනමක් නැති බව පෙන්වීමට ගෝඨාභය මහතාගේ ඉල්ලීම පරිදි මෙම ලේඛන මාධ්‍ය වෙත නිකුත් කරන බවද ගම්මන්පිල මහතා පැවසීය.
2003දි ඔහු ඇමෙරිකාවේ පුරවැසි බව ලබාගන්නා විට මෙරට පුරවැසි බව අත්හැරීමට සිදුවූ බවද 2005 නොවැම්බර් 21 වෙනිදා නැවත ද්විත්ව පුරවැසියෙකු ලෙස මෙරට පුරවැසි බව ලබාගත් බවද ඔහු පැවසීය.
ඒ වන විට නව ආණ්ඩුවේ ඇමතිවරු දිව්රුම් දි නොතිබූ නිසා සියලූ අමාත්‍යංශවලට වගකියනු ලැබුවේ ජනාධිපති වන බවද ඒ අනුව එම අමාත්‍යංශවල ලේකම් බවට පත්වන්නේ ජනාධිපති ලේකම් බවද මෙම ලේඛනයට අතිරේක ලේකම් අත්සන් කරනු ලැබුවේ ලේකම් වෙනුවෙන් බවද ඒ අනුව මෙම ලේඛනය නීත්‍යානුකූල ලේඛනයක් බවද ඔහු පැවසීය.
මේ ලේඛනයට අනුව ගෝඨාභය මහතා 2005 නොවැම්බර් 21 වෙනිදා සිට මෙරට පුරවැසියෙකු වන අතර 2019 මැයි 03 වෙනිදා ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට මෙම ලේඛන සාක්ෂි දරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පැවසීය.
මෙලෙස ගෝඨාභය මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරමින් අධිකරණයේ නඩු පවරමින් ජනතාගේ විශ්වාසය බිඳ වැට්ටවීමට ප‍්‍රතිවාදි කණ්ඩායම් උත්සාහ කළත් ඒවා පුස්සක් වන බවද ඔහු පැවසීය.
COMMENTS
පොහොට්ටුවේ වෙන කවුරුවත් හිටියේ නැද්ද මේවා මාධ්‍යයට ඉදිරිපත් කරන්න.. මොකද මෙතුමාත් එක්ක ලේඛනවල තියෙන්නේ ආත්මීය බැඳීමක්නේ...
පුරවැසිකම අතහැරියත් ඇමරිකාවට තියෙන බැඳීම සමහර කරුණුවලදී ඇමරිකානු නීතියට යටත් නේද? ඒ කියන්නේ ඇමරිකාවට යටත්ව, හිතවත්ව ජීවත්විය යුතුයි නේද?
උසාවියේ විභාගවෙන නඩුවක කරුණු එළියේ කතාකිරීම අධිකරණයට කරන බලපෑමක් සහ අපහාසයක් නේද?
මොකද දන්නේ නැහැ... මේ බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ...
මේකට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා. හොර, බොරු වැඩමයි වෙන්නේ.
වැළැක්විය නොහැකි වර්තමාන ආණ්ඩුවේ පරාජය ඉවසා දරා ගැනීමට නොහැව සිටින කණ්ඩායම ඩොලර් කාක්කන් යොදාගෙන කරනු ලබන ක්‍රියා තවදුරටත් බලා පොරොත්තු වෙන්න පුළුවන් 11/16 දක්වාම...
ඕක පෙන්නුවයි කියලත් වැඩක් නැහැනේ. තිබුණත් එකයි, නැතත් එකයි... ගෝඨා පරදිනවා. අනිත් එක නීතියක්. නැති රටක මේවා විහිළු කතා. විමල් අඹුවත් සමග එකතුවෙලා පාස්පෝට් දෙක ගානේ හැදුවා මොකද වුනේ? හැම නාඩගමක්ම නටන්න පුළුවන් මෝඩ රැළට විතරයි.. අසරණයෙක් පිටරට රැකියාවට යන්න මේවගේ දෙයක් කෙරුවා නම් කුඩු කරනවා... එක්කෙනෙක්වත් නැත්ද? නීතිය අකුරට ඉටුකරන සේරම කඩේ යනවද මුදලට...?
ගම්මන්පිල කිව්වා නම් ඉතින් ඇත්ත තමයි. දැන් මාස කීපයකට පෙරත් මෙයා මේ කතාවම කිව්වා නේද? ණයට කහින අය මම නම් දැකලා නැහැ.
ඉතින් එහෙම නං මොකටද මේ හෙන්චයියෙක් ලවා ඉදිරිපත් කරන්නේ? ඒ මහත්තයාටම ඉඩ තියනවනේ ඕක උසාවියටම ඉදිරිපත් කරන්න..
හෙට, අනිද්දාට උඩු රැවුල තියෙන පිරිමින්ට තරඟ කරන්න බැහැ කියලා... මේ මජර පාලනය කිව්වත් පුදුම වෙන්න එපා...
මොකද දන්නේ නැහැ ශ්‍රීලාංකික යූ.එන්.පී. පුරවැසියන් අැමරිකන් ගොඨාභයට බය. ජනතාව තීරණය කරයි කාටද ඡන්දය දෙන්න ඕනෑ කියලා.. මට නම් හිතෙන්නේ සමහර යූ.එන්.පි. අයට ගෝඨාභය ජයග්‍රහණය කරවන්න ඕනැ වෙලා වගේ... නැත්නම් මෙවන් අවස්ථාවල අනිත් අපේක්ෂකයාට වාසි වන අන්දමට කටයුතු කරන්නේ අැයි? ඔහුව සිරගත කරන්න උත්සාහ කලළොත් එහි අවාසිය සජිත්ට යන වග දැන දැන මෙවන් මැටිමොල් වැඩ කරන්නේ කුමන්ත්‍රණයක් නිසාද...?
කෝ මේ අපේ බමුණා?
මිනිසුනේ හදවතින් අහලා බලන්න මේ කරන දේවල් යුක්ති ධර්මයට එකඟද කියලා. මොහු වෙනුවෙන් මේ තරම් නඩු පිට නඩු දාලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිවාදියා අයින් කරලා නිතරගයෙන් ජනාධිපති වෙන්නද? පෙරේදා රාජිත මේ නඩුව ගැනත් තීන්දුව ගැනත් ප්‍රසිද්ධියේ කිව්වා. හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් වගේම වර්තමාන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එළි කලා නේද නීතිය නවන මොවුන්ගේ නිරුවත..? ඉඩදෙන්න මහජනතාවට තමන්ගේ තීන්දුව ලබාදෙන්න.. භය නැත්තං කෙළින් මුහුණ දෙන්න.
මහින්ද වෛරය ඉවරයි, දැන් ගෝඨා වෛරය දැන් පෙන්වනවා සිහලුනි. මේ ආණ්ඩුව පුදුම නාට්‍ය ටිකක් අපට පෙන්නුවේ...
දැන් සමහරුන්ට ගොඩක් රිදෙයි.. ඒ අය අඬයි.. මේවගේ පුවත් දරාගන්න ඒ අයට හුගක් අපහසුයි වගේ.
බල තන්හාවට ඕනෙම ගේමක් ගහන,යට්කූටටු වෙඩ කරන දුශිත දේසපාලුවන්ට මොනවා කරන්ඩ බෙරිද.
අනිකුත් ලේඛන මෙතනට අවශ්‍ය නැහැ ! ඇමෙරිකානු රජය නිල වශයෙන් එතුමාගේ එරට පුරවැසිබව ඉවත් කල බවට නිකත් කල නිල සහතිකය පමණක් ඉදිරිපත් කරන්න ! එවිට එතුමා ජන්ධ්පති ශ්‍රී ලංකාවේ ජනාධිපතවරණයට ඉදරිපත් වීමට ඇති මුලික සුදුසු කම ලැබී ඇති හෙයින් ජනතාවට ඔහු පත් කර ගැනීමට කිසිම බාධාවක් නොමැත !
" ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට මෙම ලේඛන සාක්ෂි දරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පැවසීය...." ඔය ලේකන අවශ්‍ය නැහැ.පුරවැසිබව අහිමිවීමේ සහතිකය " පෙන්වන්න. දැක්කද නාගානන්ද එයාගේ එංගලන්තයේ පුරවැසිකම අහිමිවුන සහතිකය ඉදිරිපත් කල ලස්සන. ගෝටාට එහෙම එකක් නැහැ. ගෝටා කියන්නේ ඇමෙරිකානු ඔත්තුකරුවෙක්.
ඔය පුරවැසිභාවය කීයටවත් අයින් කරන්නේ නෑ. මෙයා මෝඩයෙක් නෙමේ. බැරි වෙලාවත් ඡන්දේ පැරදුනත් ආයේ යන්න බලාගෙන ඉන්නේ.
මාද්යට නිකුත් කල ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය අපි කාටත් දකින්න පත්තරේට දමන්න. එතකොට වෙන වෙන කතා ඇතිවෙන්නේ නැත. ඊයේ නාගනන්ද තම එවැනි සහතිකය එලියට දැම්මා.
අපිට වැඩක් නැහැ මේ කතා වලින්. උසාවියේ නඩුවක් තියෙනවනම් මේ ලියකියවිලි උසාවියට ඉදිරිපත් කරන්න. උසාවිය විනිශ්චයක් දේවි. අපි ඒක පිළිගනිමු.
සෑම් නොදන්න දේවල් නොකියා ඉන්න මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව