( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් , රජයේ නීතීඥ සුරේන් ඥානරාජ් පෙනී සිටියේය.



ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
ජය වේවා.
අපේ ගොටාබයට ජයෙන් ජය .
දැන් ඉතින් වට්ටක්කයි කරෝලයි කන්න වෙන්නේ කාටද ? ඊළඟ නඩුව එනකල් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. එකයි හරි තීන්දුව.
ජය වේවා
ශ්රී ලංකාවේ අධිකරණයට අපගේ ප්‍රණාමය බැලූ බැල්මටම පෙනෙනවා මෙය දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් බව
නිවට නින්දිත වැඩ කරලා ප්‍රතිවාදිය අයින් කරන්න දගලපු දැගලිල්ල මුළු රටම දැක්කා. ගොටාබය වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකර ඉන්න හිටපු උදවිය පවා මේ වැඩෙන් වුනේ ඔහු වෙනුවෙන් ඡන්දය දෙන එකයි.
දිනුම රටටයි.
යකෝ... නුඹලා සේරටම කියන්නේ... දැන්වත් ලැජ්ජා නැතිව ඔය වැඩ නවත්තලා ගෝඨාත් එක්ක මුහුණට මුහුණ වරෙල්ලා පිරිමි නම්...
ඇත්තටම ලැජ්ජයි මේ මිනිස්සු ඡන්දයක් හරහා ගෝඨාට මූණ දීගන්න බැරුව ගහන වංගු ගැන. මොනවා වුණත් අධිකරණයේ ස්වාධීන තීරණය ගැන ආඩම්බරයි.
ජයවේවා මේ විනිසුරු තුමන්ලට මගේ ප්‍රණාමය !!
ඇති යාන්තන් සිංහල ජාතිය තවත් කඩුල්ලක් පැන්නා. සිිංහලයිනි එකතු වෙන්න දෙන්න ඡන්දය ගොඨාභයටම. මෙවර දෙන්න එපා වෙන කිසිම කෙනෙකුට
චමල් ඇප තිබ්බේ ගෝටාට තමන්ගෙ පුරවැසි භාවය විශ්වාසය නැති නිසා. නමුත් අපේ රටේ නීතිය, අනේ මන්දා.
තෙරුවන් සරණයි මැති තුමනි...!
රට රකින අපේ නායකයට ජයවේවා!
යහපාලන හෙන ගෙඩියේ අදෝනාව සහ සිංහල ජාතියේ ජයග්‍රහණය ඇරඹුණු බවයි.. කකුල් මාට්ටු, මරු වලවල් දමද්දීත් හැප්පි හැප්පි ආපු ගමනේ ජය ගෝඨා දරා තිබේ.
ජය වේවා ගෝඨා ජය වේවා! මොන සෙල්ලම් දැම්මත් ඇත්ත ජය ගන්නවා.
ඔබට සුභ පතනවා
ඉදිරි සැලැස්මක් ඇති , අනිකාට බනිනවට වැඩිය , යම් රටට සැලසුමක් ඇති කෙනෙක්
දැන් ඉතින් තවත් නඩු නිමිත්තක් හොයන්න පටන් ගනී.
නියම තීන්දුව. කැකිල්ලේ රජ පරාදයි
සතුටු වෙන අයත් අසතුටු වෙන අයත් ඇති.නමුත් අපේ අධිකරණය ලොව වෙනත් රටවල අධිකරණය වලට වඩා බොහෝ ඉදිරියෙන් බව සැමවිටම පෙනීයනව.
ජයවේ මගේ මව්බිමට ජයවේවා
ජයවේවා අනාගත ජනාධිපතිතුමනි. ඔබයි අපේ රටේ නායකයා!
ජනතාවගේ බලාපොරොත්තුව ඔබයි. ඔබට තෙරුවන් සරණයි..!!!
ඔබතුමාට ජයෙන් ජයම වේවා...!!! තුනුරුවන් සරණයි
ජය වේවා...!!! ලැජ්ජයි යූ.එන්.පී...
ලියකියවිලි අස්ථාන ගතවූ බව වාර්තා වු විට සාධාරණ සැකයෙන් තොරව වග උත්තකරු වැරදිකරු නොකාරාවි කියලා කාටත් හිතුනා. ලියවිලි අස්ථාන ගතවීම රජයේ වරදක් මිසක් වග උත්තරකරුගේ වරදක් නෙමෙයි නිසා.
පරාජිත දේශපාලන කුහකයන් පදනම් විරහිත බොරු චෝදනා ගෙනාවද ඔබතුමාට ජය නියතයි මැතිදුනි..
පුස් වෙඩි පත්තු කලාම වෙන දේවල් තමයි මේ. ප්‍රතිවාදියාට අනවශ්‍ය ප්‍රසිද්දියක් අනුකම්පාවක් ලබා දෙනවා.
මානසික ආබාධ ඇති අය අධිකරණයේ ගොනු කරන නඩුවල කිසිම හරයක් නොමැති බව තහවුරු වූ තවත් නඩු තීන්දුවක් !
ජයවේවා !
කෙරුවත් නොකෙරුවත් මොනදේම ..// සිත්වලට බැහැ කිසිවෙකුහට බොරු කෙරුම..// ඒ ඒ සිත් දන්නවා අප වැරදිද නිවැරදිද යන්න..// සක්කරයටත් මෙය පොදු බව නොදන්නේද ..//
අපේක්ෂකයෝ ඔක්කොම දිහා බලද්දී මෙතුමා උඩින්ම ඉන්නවා වෙන විකල්පයක් මිනිසුන්ට නැහැ.
උසාවියට වුනත් මොළයක් තියෙනවනේ. එහෙම නම් 2005 ඉඳල අවුරුදු 14ක් බලාගෙන හිටියෙ මොකටද. මේකෙන් වුනේ ගෝඨාගෙ ජනප්‍රියත්වය වැඩි වෙච්ච එක විතරයි
ගරු,අධිකරණයේ කාලය නාස්‌ති කිරීම හා වැරදි පුර්වාදර්ශ සැපයීම මත වහාම නඩු ගාස්තු අයකර ගත යුතුය,
යන්තම් ඇති දැන් අධිකරණය ස්වාධීනයි.
දේශපාලන මතවාදය කෙසේවුවත් මෙවැනි පදනම් විරහිත චෝදනා නිෂ්ප්‍රභා කිරීම පිළිබඳ අධිකරණයට අපගේ ස්තූතිය...
ලංකාවේ නීතිය ඔහොම තමයි. හිතන්න එපා බේරුණා කියා.. ඇමෙරිකානු පුරවැසිකම මොහු අයින් කරගෙන නැහැ. එතකොට බලාගන්න පුළුවනි වෙනදේ...
මෑත ඉහිහාසයේ අප රටට මිලකළ නොහැකි සේවයක් කර ඇති ඔබතුමාගේ පුරවැසිභාවය ගැන කතා කරන මොවුන් රටට කර ඇති සේවය කුමක්ද? පෙත්සම් ඉදිරිපත් කිරීමට හෝ රට ආරක්ෂා කරදුන් ඔබතුමාට ජය නියතයි මැතිඳුනි.
වහලුන්ට දැන් සතුටු ඇති. පවුල් පාලනේ ආවම කරන හරියත් බලාගන්න බැරියැ...
මගේ රටට දළදා හිමි සරණයි !!
අධිකරණයත් දිනපු වගඋත්තරකරුත් දිනපු පැමිණීලිකරුත් දිනපු නඩුවක්.පැමිනිලකරුවන්ගෙ අරමුණ වෙන්න ඇත්තෙ ගෝඨා ... විශවාස කළ නොහැක බලය අයුතු ලෙස භාවිතා කරන කෙනෙක් බව පෙන්නීම. ගෝටා .. ඔනැ වෙන්න ඇත්තෙ නඩුව දිනල චන්දට බාධාවක් වලක්වාගැනීම. අධිකරණය වෙහෙස ගන්න ඇත්තෙ දේශපාලනය ගෑවුන මේ නඩුවෙදි ප්‍රශස්ත තීන්දුවක් දීලා අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන්න. හැමෝම දිනපු නඩුවක් මේ.
මොන බයිලා ගැහුවත්, හොඳ කරන ටිකක් එළියට අාවා. ලංකාවේ ඔච්චර ද්විත්ව පුරවැසි ප්‍රදානයන් සිද්ධ කරලා තියෙනවා. එ්ත් හත් දෙයියනේ ගෝඨාභයගේ ඉල්ලුම් පත්තරේට විතරක් කොහොමද අගට "අ" ඇවිත් තියෙන්නේ. පෝලිමේ තැන මවල කියලද මේ කියන්නේ? පව් අප්පා මේ දේවල් ගෝඨාභයටමනේ වෙන්නේ. දුකයි...
කොහොමද මේ ෆයිල් එකට විතරක් විකෘති අංකයක් අවේ?
සුබ පැතුම් කැනඩා ශ්‍රී ලාංකිකයෝ...
මේ නඩුවට නම්යූ.එන්.පී. ය කිසිම සම්බන්ධයක් නැහැලු.. මොකද ඒ ගොල්ලන්ට පරද්දවන්ට පුළුවන් ලේසිම කෙනාලු එයා...
සමනල්ලු ටිකටයි, ළමයින්ටයි... දැන් සනීපද?
යටහත් පහත්, දැඩි වහල් මනසක් සහිත අපට මාර සතුටක් දැනෙන්නේ අනේ... ඒ සතුට කොතරම්ද කියනවා නම්, හෙට බඩගින්නේ හිටියත් කමක් නැහැ කියලා, දිගම දිග බට්ටෝ වැලක් ගෙනැල්ලා මහපාරේ පත්තු කළා. බෝම්බ හඬකටත් වඩා සද්දෙට ඇහුණු බට්ටෝ වැලෙන් නික්මුණු සුවඳ, පාරට විසිවුණු කඩදාසි කොළ ටික මුළු පළාතම ලස්සන කළා අනේ. බලන්නත් ලස්සනයි. එයාලා බොරුවට නඩු දානවා. පව් කියලා හිතෙන්නේ නැද්ද මන්දා එයාලට?
ඩොලර් කාක්කන්ට බඩ කට පුරා...!
ඔය තීන්දු අපි පිළිගන්නේ නැහැ. කිසිම රාජපක්ෂ කෙනෙකුට තරග කරන්න ඉඩදෙන්න බැහැ.
නිවැරදි තීන්දුවට ප්‍රණාමය... දැන් අපිට රට ගැන බලාපොරොත්තුවක් ඇත.
එයාගේ මහාචාර්යකම එයාගාවම තියාගන්න කියන්න. අනිත් අයට පෙන්නන්නේ නැතිව හිටියොත් හොඳයි.
ඕක ඉතින් වෙනවා කියලා බොහෝදෙනා දන්නවා. නමුත් ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සිදුවන්නේද ඉන්දියාවේ පවුල් පක්ෂයක් වූ කොංග්‍රසයට අත්වූ ඉරණමයි...
ගෝඨාභයට ඇමරිකාවට ගිහිනුත් නඩු දැම්මා නේද?
ලංකාවේ මන්ද මානසික බත් බැලයින්ට නොතේරුනාට, කුමන පරිශ්‍රමයක් දරා හෝ ඔවුන්ගේ ජාතිය බේරා ගන්නවා. ඒ අතින් අපි ඇමරිකන් රජයට ගෞරව කල යුතුයි.ලංකාව තුල පවතින රාජ්‍ය නිලධාරීන්ගේ ත්‍රස්තවාදයෙන් ප්‍රයෝජන ගන්නත් ඇමරිකන්කාරයෝ කිසි විටෙක පසුබට වන්නේ නැහැ
ඔය ජයවේවා කිව්වට මේකෙන් ජය වෙන්නේ සජිත්ටයි. ගොටගේ නඩුව පැරදුනානම් එයට ඡන්දෙ දෙන්න හිතන් වුණ මිනිස්සු තරහටත් එක්කල ඡන්දෙ දෙන්නේ විකල්ප අපේක්ෂකයෙකුට. විකල්පෙට ඉබේම ලැබෙන ඡන්ද ටිකයි ගොටගේ ඡන්දයි එකතු වුණා නම් සජිත් පරදිනවා.
මොකක් නිසාද ? පොඩ්ඩක් ඉන්න. සී.අයි.ඩී. එකෙන් දාපු අපරාධ නඩුවක් තියෙනවා ද්විත්ව පුරවැසිභාවය නැතුව ඡන්දේ දැමීම ගැන. මේ විභාගෙදි විත්තියේ නීතිඥයෝ ඒ නඩුවට මේ විභාගයේ තීන්දුව බලපායි කියලා පෙත්සම විසි කරන්න කියලා ඉල්ලපු ඉල්ලීම කවුරුත් ප්‍රසිද්ධ කරන්නේ නෑ. මෙහිදී ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කියන කාරණය සාකච්ඡ උනේ නෑ. එකයි වැදගත් කරුණ ජනාධිපතිවරනේදී.
අවසානයේ සත්‍යය ජය ගනී. 1948 නිදහස ලබාගත් වෙලේ සිටි නායකයන් 1956 න් පස්සෙ යූඇන්පියට බිහිවුනේ නැහැ. දැන් ඉන්නෙ වදපීදුන නායක රැලක් . මුන්ට කවදා මොලය පෑදෙයි ද.
හරි හරි සුදු වෑන් එක ඩ්‍රයිව් කරන්නේ මම වියන්ගොඩ බොනට් එක උඩ තියාගෙන.
මම මුලින්ම හිස නමා ආචාර කරනවා වියන්ගොඩට සහ තේනුවරට.ගෝටබය මහත්තය දන ගහල වඳින්ට ඕනේ මේ දෙන්නට. මොකද ගෝඨාට ලොකුම ප්‍රස්නයක් වෙලා තිබුන පුරවැසිකම ගැන නීත්‍යානු කූල සහතික කරලා දුන්නට.දැන් මේ රටේ කිසිම කෙනෙකුට කිසිම සැකයක් තියාගන්ට ඕනේ නැහැ ගොටගේ පුරවැසි කම ගැන.මේ නඩුව නිසා ගෝට සම්පුරණයෙන් නිදහස් වුණා.බොහොම පින් ඔය මහත්වරු දෙන්නට.
ද්විත්ව පුරවැසි භාවය තියෙනවා කියල ඔප්පු උනාම ස්වාධීන වෙච්ච අධිකරණය, ද්විත්ව පුරවැසි භාවය නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියල ඊලඟ නඩුවෙන් තීන්දු කරාම අධිකරණයට පලු යන්න බනින්න ඔට්ටු නෑ ඔන්න
දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.
හොඳම තීරණයක්. ජයවේවා!
ගෝඨාභය වගේ දවස් තුනෙන් ද්විත්ව පුරවැසි කම් ලබා ගැනීමට ඒ සඳහා ඉල්ලුම් කරපු සියල්ලන්ටම හැකි වේවා!
දැනට හිරේ මිනීමැරුම් දඬුවම් විඳින දුමින්ද සිල්වා හිටපු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීට නිදහස දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ නැත්තේ ඇයි? අපට ඔබව විශ්වාස නැත.
මහා බැංකුව ට ආර්ථික ප්‍රහාරය කරපු එකා තවමත් එළියේ.....මුළු ලංකාවේම අවුරුදු 30 යුද්දේ ඉවර කරපු මනුස්සය ඇතුලට දාන්න ???
දැන් දවසින් සහතික දෙනව නොවැ. අර ෆෝම් මේ ෆෝම් මොකවත් පුරවන්න ඕනැ නෑ. කාලෙත් ඉතුරුයි, සල්ලිත් ඉතුරුයි. වැඩෙත් ලේසියි. ඔබේ ද්විත්ව පුරවැසි සහතිකය ලබාගන්න අදම පියනගන්න ජනාධිපති මන්දිරයට...
මොකද හේතුව කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට බොහොම කාලෙකට ඉස්සර ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තිබුණු ගීතයක කොටසක් මට මේ වෙලාවේ මතක් වෙනවා. ගීතය ලියලා තිබුනේ ප්‍රේමකීර්තිද අල්විස් මහත්තයා. ගායනා කලේ ෆ්‍රෙඩීද සිල්වා මහත්තයා. ගීතයේ මගේ මතකයට ආව කොටස මේකයි. "දෙපැත්තේ කාරණා සලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස්. ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන කරා, අපේ කැකිල්ලේ රජ්ජුරුවොයි ඔය එන්නේ හිටපල්ලා නිශ්ශබ්ද වෙලා"
ඉතින් දැන් ගෝඨාභය මහත්තයට ඡන්දෙ ඉල්ලන්න බැහැනේ. එයා දිවිත්ව පුරවැසියෙක් කියලා අධිකරණය පිළිඅරන් තියනවනේ. 19 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට ඡන්දයක් ඉල්ලන්න බැහැනේ..
මේක වහල්ලුන්ගේ දේශයක්
වැරදිලා හරි එදා ෆොන්සේකාට කරපු විදිහට හරිකරලා දින්නොත් සිංගප්පූරුවේ ඉස්පිරිතාලවල ඉඳගෙනද ආණ්ඩු කරන්නේ...?
රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිතභාවය වඩාත් තීව්‍ර වන බව දන්නා නිසාය. දැන් ඔහු අභියාචනාධිකරණය පිළිගත් ද්විත්ව පුරවැසියෙකි. හඬා වැලපිය යුතු දිනයෙක ඒ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.
ජයවේවා...!!! අඩු තරමින් අඩු තරමින් අපේ ළමයිවත් බෝම්බයකට අහුවෙන්නේ නැතිවෙයි. හොරකම් කළත් කමක් නැහැ. කොහොමත් හොරකම අනිවාර්ය පොදු ලක්ෂණයකි.
ඔබගේ තර්කයේ හරි සහ වැරදි දෙකම ඇත. 1) විදෙස්ගත ලාංකිකයෙක් වෙන රටක පුරවැසිකම ගත පසු ලංකාවේ පුරවැසිකම අවලංගු වන්නේය. මෙය ගෝඨාභයට සිදුවිය. 2) ලංකාවේ පුරවැසිකම නැවත ලබා ගත හැක. ගෝඨාභය නීත්‍යානුකූලව එය ලබාගෙන ඇත්තේ වසර10 කට පෙරයි. මෙය මෙම නඩු තීන්දුවෙන් සනාථ විය. 3) නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගැනීමට, පළමුව ද්විත්ව පුරවැසිකම ලබාගත යුතුයි. ගෝඨාභය බයකර ඇත. 4) එමනිසා ඔහුට පිටරට පුරවැසිභාවය අස්කරගත හැක. මෙය ගෝඨාභය විසින් 2019 අප්‍රේල් මාසයේ 17 දින සිදුකර ඇත. 5) මේ අනුව ඔහුට දැනට ඇත්තේ ලංකාවේ පුරවැසිකම පමණි...
ඕක ඔහොම ගියදෙන්කෝ. අපි බලමුකෝ ගෝටා ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්බවට ලැබී තිබෙනවා කියමින් ඉදිරිපත් කරන්න හදන ලේඛන හරි ඒවාද කියා. ලංකාවේ නීතිය එක්ක සෙල්ලන් දැම්මට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සෙල්ලන් කරන්න හම්බවෙන්නේ නැහැ .