(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකීක පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ රීට් ඇයැදුම්පත විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළේය.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බව කියන ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කර ඇත.
එහි වගඋත්තරකරුවන් වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන , එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසි අධ්‍යක්ෂ ශානි අබේසේකර එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති හෙයින් ඔහු සතුව ඇති ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබු බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එම පෙත්සම සළකා බැලු අභියාචනාධිකරණය එය විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කළ බවද සඳහන් කොට ඇත.
තම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීම නීතීයට පටහැනි බව පවසන පෙත්සම්කරුවෝ ඉන් අගතියට පත්වීම නිසා මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කළ බවද එබැවින් සිය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය බලරහිත කරනැනැයි ඉල්ලා සිටිති.
තමන් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන් ඉල්ලා ඇති සහනයන් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිති.

COMMENTS
මහජනයාගේ නැති කැමැත්ත මේ අයගේ අපේක්ෂකයාට නඩු දැම්මා කියලා නම් වැඩි වෙන්නේ නැහැ.
පව් මේ දෙන්නා හට සහනයක් ලබාදිය යුතුයි. මොකද ඔවුන් ඉතා අසහනයකින් ඉන්න බව පේනවා...
ඡන්ද ප්‍රතිඵලය කට්ටියට පැහැදිලිවෙලා වගේ... මේ අයගේ ගාය ස්වභාවධර්මය විසින් හොඳකරලා දෙයි.. NGO සල්ලිවලට කඩේයන අය දැන් අායෙත් කුලප්පු වෙලා. තව දවස් තුනයි ඉවසන්න තියෙන්නේ ලොක්කා... එතකොට ඔය ගායවල් ඔක්කොම හොඳ වෙයි.
සමාජයේ පැවැත්මට හා සත්‍ය යටපත් කර අසත්‍යම වපුරන සිවිල් නියෝජිතයින්ව වහාම අධිකරණය හමුවට ගෙන්විය යුතුයි. මෙවැනි තමන්ගේ අපේක්‍ෂකයා වෙනුවෙන් රටක මහජනතාව මුලා කිරීම ද්වේශ සහගත බවයි මාගේ වැටහීම. ගෝඨා වහාම සිවිල් සමාජයේ සිටිනා මෙවැනි අසත්පුරුෂයින් සහ දේශපාලනයේ දී සිටිනා දුෂිතයින් සියළුදෙනාටම දැඩි දඬුවම් පැනවිය යුතුයි. එසේ නොවී අප වැනි රාජ්‍යන්ට අනාගතයක්, පැවැත්මක් නම් ඇත්තේම නැත.
සමහර වහලුන්ගේ කොමෙන්ට්ස් බලනකොට පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය රටේ නීතිය හෝ මැතිවරණ නීතිය බල ගැන්වීම නොව, මොන ක්‍රමයකින් හෝ ගෝඨාභය හරි යයි කියාපෑම පමණයි. අඩු වශයෙන් ඇමෙරිකාව තියා කිසිම රටක් "CANCEL" කියලා කියන්නේ නැති බවත් ඇමෙරිකානු ඉංග්‍රීසි වචනය 'CANCELED " නිසා ඉන් සැකයක් උපදින බවත් බොහෝ විද්වතුන් කියා තිබුණා. ඇයි අධිකරණයට ඔය තරම් බය? හැබැයි, අර රන්ජන් කියපු වර්ගයේ විනිසුරුවන්ගෙන් නම් බලාපොරොත්තු විය හැකි දෙයක් නෑ...
ලේඛන නිසියාකාරව ඉදිරිපත් වී ඇතිබව මැතිවරණ කොමසාරිස්තුමා පිළිගෙන තිබෙනවා. මේ විකාර වැඩ තුළින් වෙන්නේ තමන්ගේ අපේක්ෂකයාගේ පරාජය තහවුරු කිරීමයි..
ගෝඨාභය රාජපක්ෂ යනු "රාජපක්ෂ යුවලට දාව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේහයේ උපන් සිංහල පවුලක යුග පුරුෂයෙක්" බව ලංකාව ඇතුළු මුළු ලෝකයම දන්නා සත්‍යකි. එය වෙනස් කළ නොහැකියි. තම හිතේ පවත්නා දැඩි වයිරය, ඉර්ෂ්‍යාව, හා කෝපය දරා ගත නොහැකිව මානසික වියරුවෙන් දඟලන්නවුන් ගැන අනුකම්පා කරමු. දේවදත්තයගේ පරපුරෙන් පැවැත එන්නවුන් තවමත් ලෝකයේ ඇත. කියන්න ඇත්තේ අපේ රාහුල හාමුදුරුවෝ එකල කියන ලද "අහෝ මූසිල නොදිටි මොක්පුර" කියායි.
මින් ඉදිරියට ලංකාවෙන් අහලා පිටරට පුරවැසිභාවය ගත යුතුයි කියලා නීතියක් පැනවිය යුතුයි. 1948 දී නිදහස අප ලබා නොගත්තානම් අපි තවමත් බ්‍රිතාන්‍ය ජාතිකයින්. එහෙත් 1948 පෙබරවාරි 04 ට පෙර උපන් අද ජිවතුන් අතර සිටින සියලුම දෙනා එංගලන්තයේ පුරවැසි භාවය තියන අය වේ.
මේ ගමරාල නම් අර ගෝත්‍රික වහල් මානසිකත්වය ඇති කවටයෙක්ම තමයි.
පළමුවම මේ ඉදිරිපත් කරන ලේඛන වල නොගැලපෙන වැරදි එමටයි. කෙසේ හෝ මෙම ලේඛන වල සත්‍ය අසත්‍යභාවය සහතික කෙරෙන්නේ uscis එකෙන්. මේ සඳහා කිසිම 3 වන පාර්ශවයකට ඒ සඳහා මැදිහත් වීමෙන් එය ලබාගත නොහැකියි. එහෙනම් කල යුත්තේ මෙය ලබා ගැනීමට අධිකරණ ක්‍රියාවලියකට යොමු වී ඒ තුලින් එම ලේකනයේ සනාථ භාවය සඳහා uscis වෙතින් ඉල්ලුම් කිරීමය. මෙය රාජ්‍ය කටයුත්තක් නිසා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට රටේ අධිකරණයට නෛතික බලය හිමිය. මොනවා කරන්නත් ගෝඨා දිනන්න එපාය. ඒක නිසා කලබල නොවිය යුතුයි. අවශ්‍යතාවය මතුවුනොත් නිසි වෙලාවට නිසි ලෙස මොවුන් විසින් මේ පෙන්වන ලේඛනය ව්‍යාජද නැද්ද කියලා අපි ඔප්පු කර පෙන්වන්නම්. හදීසියේ හෝ ගෝඨා දිනුවොත් ඔහුට විරුද්ධව අධිකරණයේ ගොනු කෙරෙන ඡන්ද පෙත්සම වෙනුවෙන් ඔහුගේ නීතිවේදීන් විසින් පෙන්න පෙන්නා හංගන ලේඛන උසාවියට ඉදිරිපත් කල යුතුමනේ..
අපේ බලාපොරොත්තුව නිතිය තුලින් සාමය නම් ?? ඒ දේ කලුතු කෙනා මුල සිටම රටේ උත්තර ලියවිල්ලට පටහැනිව යා නම් ?? මේ ලියන ගොඩක් මොනාද බලාපොරොත්තු වෙන්නේ ?