IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නැතැයි නීතිපති කියයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තම නඩු විභාගයට ගැනීමට ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සංශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා අද  (28) මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.

ඞී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධණය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක මුදලක් අවභාවිත කළේ යැයි ඇතුළු චෝදනා හත විභාගයට ගැනීමට ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ සංශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී  නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා විසින් එම මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ  අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම සංශෝධන පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්  ඒ පිළිබඳව රත්වත්ත සහ සේපාල ඒකනායක නඩු වලින් තහවුරු වන බවත්ය.ඒ අනුව පෙත්සම නිෂ්ප‍්‍රභ කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ එය අවසාන නඩු තීන්දුවට බලපාන කරුණක් බවත් , මෙය එවැනි තත්ත්වයක් නොවන බවත්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව සංශෝධන අධිකරණ බලය ඇත්තේ අභියාචනාධිකරණයට බවත් , යම් හෙයකින් මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කළහොත් ඉන් සංශෝධන අධිකරණ බලයක් අභියාචනාධිකරණයට නොමැති බවට තහවුරු වන බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශණ ලබන අපේ‍්‍රල් 30 වැනිදා ගොනු කරන ලෙස දෙපාර්ශ්යට නියෝග කෙරිණි.

මීට සම්බන්ධ අනෙක් පෙත්සම සමඟ මෙම සංශෝධන පෙත්සමද මැයි 06 වැනි දි කැඳවන ලෙසද නියෝග කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් , එම.එස් .කේ.බී විජේරත්න , චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.

මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත‍්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය.එම විරෝධතාව සලකා බලා එය ප‍්‍රතික්ෂේප කෙරිණි.මෙය නීතියට පටහැනි වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

 



අදහස් (7)

ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නැතැයි නීතිපති කියයි

chathuri Thursday, 28 March 2019 05:03 PM

හැමදාම කියලා නඩු දිනේ කල් දමනවා. අපේ අතින් මෙවැනි වරදක් වුනොත් නඩුවට කලින් හිරේ දමලා පසුව තමයි නඩු අහන්නේ. මොහුට විතරක් මොකක්ද මේ නිතිය හැම නඩුවම කල්දමනවා නඩුවක් කල් දමන්න කියක් ගන්නවද.

:       304       1257

Chanak Los angelesThursday, 28 March 2019 10:11 PM

සුළු ජාතික නායකයෙක් රටේ පත්වුනොත් නීතිය හරියටම ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙනවා .ලෝකයේ එහෙම වෙලා තිබෙනවා

:       0       0

mara Thursday, 28 March 2019 05:27 PM

සම්පූර්ණ ඇත්ත

:       601       190

rocky Friday, 29 March 2019 02:13 AM

මේ කල්ලියට රටේ නීතිය බලපානේ නැද්ද? මොකද්ද මේ නාඩගම?

:       0       46

Rata Perata Friday, 29 March 2019 06:54 AM

නීතිපති වෙනස් කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න බැරි වෙයි වගේ.

:       0       10

rocky Friday, 29 March 2019 07:37 AM

අන්තිමේදී කියාවී, " මොන අපරාදයක් කෙරුවත් රාජපක්ෂලට විරුද්දව නම් නඩු පවරන්න බැහැ" කියලා

:       0       12

Mahee Friday, 29 March 2019 08:37 AM

ඊ ළඟට කවුද නඩුවෙන් ඉවත්වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31259 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 89 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site