(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධාන අනුව නිත්‍යනුකූල සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපතිවරයා අද (02) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙසේ දැනුම්දුන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින්, ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අද දින අධිකරණය කළ නියෝගය අනුව අදාළ ලියවිලි ඉදිරිපත් කරන්න.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ :
එසේය ස්වාමීනි. ස්වාධීන අයිතම 16 ක් යටතේ තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම්. පළමු අයිතමය යටතේ ආගමන විගමන වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියකියවිලි තොරතුරු නැහැ. 2007 පසුව එම ආයතනය පරිගණකගත කරලා.
සභාපති විනිසුරු :
ජාතික හැඳුනුම්පත පිළිබඳ තොරතුරු?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
පුද්ගලයන් ලියාපදිංචි කොමසාරිස් සතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා :
මීට අදාළ සමහර ලියකියැවිලි විනාශ කර ඇති බවට තොරතුරු දැන ගන්නට ලැබී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
කිසිදු ලියකියවිල්ලක් විනාශ කළ බවට තොරතුරු ලැබී නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා :
මෙම පෙත්සම පවත්වා ගෙන යන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ නඩුවක් ආරම්භ කර තිබෙනවා. අපි ඒ නඩුවේ සාක්කි සටහන් ඉල්ලූවා. පවතින නඩුවක සාක්කි සටහන් දෙන්න බැරි යැයි බලධාරීන් කිව්වා. සාක්කි සහ ඊට සම්බන්ධ ප‍්‍රකාශ නැතිව මෙම පෙත්සම ගෙන යන්න බැහැ.
සභාපති විනිසුරු :
මේ පිළිබඳ සොයා බලා අදාළ ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිට උපදෙස් දෙනවා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා :
මා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වන්නේ නීතිමය වශයෙන් මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකියි යන්නයි. එසේම මෙම පෙත්සමේ අඩංගු කරුණු අධිකරණයෙන් පිළිගත්තත්, ඉල්ලා ඇති සහන නීතියෙන් ලබා දෙන්න බැහැ. තවද මෙම පෙත්සමෙහි අත්‍යවශ්‍ය පාර්ශවයක් වන ශ්රී ලංකා පොදුජන පෙරමුණ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නැහැ.
දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවකුත් පවතිනවා. එම නඩුව අවසන් වනතුරු මෙම අධිකරණයට රිට් අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන්න බැහැ. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙත්සමෙන් ප‍්‍රශ්න කිරීමේ මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර නීතියට පටහැනියි. මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ ද්වේශ සහගතවයි.
මෙම පෙත්සමෙන් ඉල්ලන සහන දුන්නොත් රටේ ජනතාවගේ ඡුන්ද අයිතිය උල්ලංඝනය වනවා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වසර 15 කට පසුවයි. ඉන් පැහැදිලි වන්නේ මෙය දේශපාලන අරමුණින් කළ දෙයක් බවයි.
සභාපති විනිසුරු :
අපරාධ නඩුව සහ මෙම අධිකරණයේ රිට් අධිකරණ බලය පිළිබඳව නීතිපතිවරයාගේ අදහස් කුමක්ද?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
අපරාධ නඩු විභාගයත් මෙම පෙත්සමත් අතර සම්බන්ධයක් නැහැ. එයින් රිට් අධිකරණ බලයට බලපෑමක් නැහැ.
සභාපති විනිසුරු :
මෙම අධිකරණය කිසිසේත්ම වේදිකාවක් කර ගත යුතු නැහැ. සියල්ලන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
පස්වැනි වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය ලබා ගෙන ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්. මෙම සහතිකය ලබා ගන්නාවිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් දිවුරුම් දී නැහැ.
මේ අවස්ථාවේදී සියලූ ලිඛිත දේශන අධිකරණ විද්‍යුත් තැපෑලට යොමු කරන ලෙස සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පාර්ශවකරුවන්ට නියෝග කළේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙම ද්විත්ව පුරවැසි සහතිකය ලබා දෙන විට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කර නැහැ. මෙම ද්විත්ව පුරවැසියන් ගේ නම් අඩංගු නාම ලේඛනය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. එවකට පැවති ක‍්‍රියාවලිය අනුව සෑම නමක්ම ඇතුළත් කර ඇත්තේ මුල් අකුර සමඟයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සම්පූර්ණයෙන් ඇතුළත් කර තිබෙනවා. එහි යම් නොගැළපීමක් තිබෙනවා. අනෙක් අතට පරිගණක කර තිබෙන නමත්, මුල් පිටපතේ නමත් අතර වෙනස්කම් තිබෙනවා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා :
එය පරිගණක ගත කිරීමේ පහසුව තකා සකස්කර ගත් ක‍්‍රමවේදයක්
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
එවකට ජනාධිපති මෙම ලියැවිල්ලට අස්සන් තබන්නේ 2005 නොවැම්බර් 23 වැනිදායි. එවකට ජනාධිපති සිය බලතල ඇමතිවරුන්ට පවරා නැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයා කියන්නේ ප‍්‍රධාන විධායක නිලධාරියායි. ප‍්‍රතිපත්ති තීරණ සහ බලතල තියෙන්නේ විෂයබාර අමාත්‍යවරයා යටතේයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන් ගේ බලතල පවරන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව ජනාධිපති ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් වන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව මෙම ද්විත්ව පුරවැසි සහතිකය නිකම්ම නිකම් හිස් ලියැවිල්ලක්. අනිත් අතට අන්තිමට ආරක්ෂක ලේකම්වරයා බවට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි.
සභාපති විනිසුරු :
ඔබ කියන්නේ මෙම ලිපියට අත්සන් කළ කාලයේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක බලතල නැතැයි කියාද?
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු : ඔව්. ඒ කාලයේ ආරක්ෂක අමාත්‍ය බලයක් නැහැ. එක්සත් රාජධානියේ නඩු තීන්දුවක් අනුව මෙවැනි ලියවිලි හඳුන්වන්නේ හිස් ලිපියක් (බ්ලෑන්ක් පේපර්) හැටියටයි.
සභාපති විනිසුරු :
මෙම පෙත්සම දේශපාලන අරමුණින් ඉදිරිපත් කළා යැයි කියන චෝදනාවට පිළිතුරු දෙන්න.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අරමුණකින් නොවෙයි. යම් හෙයකින් විදේශ පුරවැසියකු මොහොතකින් මේ රටේ ජනාධිපති, ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධානියා වුවහොත් රටේ ආරක්ෂාවට ඉමහත් බලපෑමක් සිදුවනවා. ඒ තත්ත්වය වැළැක්වීම මෙම පෙත්සමේ අරමුණයි.
සභාපති විනිසුරු :
නාමයෝජනා බාරදීමේදී මෙම ලියකියවිලි පරීක්ෂා කරනවාද?
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
එය හුදෙක් මතුපිටින් පරීක්ෂා කිරීමක් පමණයි. මැතිවරණ කොමසාරිස්වරයාට ලියකියවිලිවල නිත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීමට බලයක් නැහැ. එය වෙනම ක‍්‍රියාවලියක්. නාමයෝජනා අවස්ථාවේදී ඕනෑම අයකුට විරෝධතාවක් ඉදිරිපත් කළ හැකියි.
සභාපති විනිසුරු :
පොදුජන එක්සත් පෙරමුණ පාර්ශවකරුවකු වශයෙන් නම් නොකිරීම පිළිබඳව කරුණු දක්වන්න?
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු :
මෙය හුදෙක්ම පස් වැනි වගඋත්තරකරුගේ පුරවැසි භාවය පිළිබඳ ප‍්‍රශ්නයක්. මෙය දේශපාලන ගැටලූවක් නොවෙයි.
නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාගේ කරුණු දැක්වීම් ඉන් අවසන් විණි.
ඉන්පසු නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් මෙසේද කීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ රටේ ජනාධිපතිවරයා විධායකයේ ප‍්‍රධානියායි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ රජයේ ප‍්‍රධානියා. මේ අනුව ඒ ඒ විෂයන් අමාත්‍යවරුන්ට බෙදා දීමට පෙර ඒ සියලූම විෂයන්වලට අදාළ බලතල ජනාධිපතිවරයා සතු වෙනවා. ඒ අනුව මෙම සිද්ධිය වන විට එනම්, අදාළ ලියකියවිලි අත්සන් කරනවිට ආරක්ෂක ඇමතිවරයාගේ බලතල සතුවූයේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව ජනාධිපතිවරයා ලියවිල්ලට අත්සන් කිරීම නීතියට එකඟයි.
අනිත් අතට පුරවැසි පනතේ 19 (2) වගන්තිය අනුකූලව ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය නීතියට එකඟව සිදුවී තිබෙනවා.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීතියට එකඟයි.
වැඩිදුර විභාගය අද (3) පස්වරු 1.30 ට කල් තැබිණි
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පළමු පෙත්සම්කරු පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ලෙස ද දෙවැනි පෙත්සම්කරු ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් ද සේවය කරති. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් අගෝස්තු 5 වැනිදා දැන ගන්නට ලැබිණි. ඔහු නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය නොකර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති අතර එය භාවිත කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගැනීමට ලැබී ඇත. එම පුරවැසිභාවය හෝ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත‍්‍ර හෝ ලබාගැනීමට අදාළ ආයතන මගින් ලිපිගොනු පවත්වාගෙන ගොස් නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තිය සමග කියැවෙන 89 (ඒ) දරන වගන්තිය අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන අයකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකිය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයදුම්කර ඇති 2005 නොවැම්බර් 18 සහ 24 අතර කාලයේදී අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු නොසිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇත්තේ නීතියෙන් නියමිත ක‍්‍රමවේදය අනුව නොවේ යැයි ද ඒ නිසා එම සහතිකය නිත්‍යනුකූල නොවන බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති අංක 8305500 දරන ගමන් බලපත‍්‍රය සහ අංක 194917210010 දරන ජාතික හැඳුනුම්පත නිත්‍යනුකූල නොවන බව කියා සිටින පෙත්සම්කරුවෝ එබැවින් එම ගමන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කරන තුරු එම ගමන් බලපත‍්‍රය හා ජාතික හැඳුනුම්පත ක‍්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
වගඋත්තරකාර රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ ශානක ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති, ආගමන විගමන පාලක හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැ
කසිප්පු බෝතල් විසි එකක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංග
සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්
තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැ
ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය නිත්‍යනුකූලයි
wasanth Wednesday, 02 October 2019 04:04 PM
මහබැංකුවේ අධිපතිතුමා වෙන රටක කෙනෙක් දාද්දි මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ? එතකොට දැන් ඒ සල්ලි ඔක්කොම අවලංගු වෙන්න ඕනනේ... ඔක්කොම මෙන්ටල් විකාර වෙනදේවල් පාලකයින් කරන්නේ. අපිට වෙලා තියෙන්නේ විකාර බල බලා ඉන්න. මෙතුමා රටට නිදහස ලබාදෙන්න කැපකිරීම් කල කෙනෙක්... ගෝඨාභය තමයි දැනට ඉන්න හොඳම අපේක්ෂකයා. මේ ආණ්ඩුවේ ඉන්නේ බාගෙට භාගයක් රට විනාශ කළ මිනිස්සු. මම හිතන්නේ රටේ මිනිස්සු පක්ෂවලට කඩේ යන්නේ නැතුව හැමදේම නුවණින් හිතන්න ඕන ඡන්දයක් මේක.
amila Chathuranga Thursday, 03 October 2019 03:28 AM
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදියට ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනෑ.. මොකද වෙනත් රටක පුරවැසියෙක් අපේ රටේ නායකයා වීම රටට කිසිසේත්ම හොඳදෙයක් නෙමෙයි. ලෝකෙ ගොඩක් රටවල ආණ්ඩුක්‍රම අනුව විදේශිකයින්ට රටේ මහජන නියෝජිතයින් වෙන්න ඉඩකඩ නැහැ. මහබැංකු අධිපතිතුමා පත්කිරීමේදීත් ඔය විදියේ විදේශිකයින්ට තහනමක් තියෙනවා නම් කට්ටියට පුලුවන් ඒකටත් නඩුවක් දාන්න.
asankaThursday, 03 October 2019 04:24 AM
යහපාලනය යනු තමන් නීතිය නවන බව පොලිස්පති ප්‍රසිද්ධියේ කියා සිටීමයි.
Thilina Wednesday, 02 October 2019 04:12 PM
මොන තරම් අසික්කිත වැඩක්ද මේ යූඑන්පී ප්‍රමුඛ මේ එන්ජීඕ නඩය කරන්නේ? එදා යුද්ධය ඉවරකරන්න මේ මනුස්සයා දායකත්වය දෙනකොට කොහෙද මේ උන්දැලා හිටියේ. පරදිනවට බයේද වේ වගේ යටිකුට්ටු වැඩකරලා ප්‍රතිවාදියා අයින් කරන්න දඟලන්නේ...?
Chanak los angelesWednesday, 02 October 2019 04:38 PM
සාටකයන් බලය අතේ තියාගෙන නම් කලේ මෙහෙම වැඩයි. කොහොමත් මේ නඩුවෙන් ගෝඨා පරදිනවා .
samThursday, 03 October 2019 12:21 AM
ගෝඨා මේ නඩුව පැරදුනොත් ඒ තීන්දුව සරත් ෆොන්සේකා ගැන කවුරුහරි නඩු දැම්මොත් එයටත් වලංගු වෙනවා. සරත් ෆොන්සේකා හමුදාපති, ජනාධිපති අපේක්ෂක සහ මන්ත්‍රී ධුර සහ අනික් සියලුම දේ කරන්නේ ඇමරිකාවේ ග්‍රීන්කාඩ් එකක් එක්ක, ග්‍රීන්කාඩ්එක යනු පුරවැසිකමට කලින් පියවර. ඉංග්‍රීසි භාෂාවෙන් නම් permanent resident. ඒ තත්ත්වයේ කෙනෙකුටත් ඒ රටේ නීතිවලට යටත්වීමක් තිබෙනවා. සරත් ෆොන්සේකාට පුරවැසිකම ලැබුනේ නැත්නම් වුනේ දෙමල ඩයස්පෝරාවේ විරෝධය නිසා ග්රීන්කාර්ඩ් අලුත් කරන්න යන්න බැරිවීම. නමුත් ඔහුගේ අරමුණ වුනේ ඇමරිකන් පුරවැසිකම ලබාගැනීම. ඒ අනුව, ඔහු හමුදාපති වීම සහ අනිකුත් තනතුරු (ඉල්ලු හෝ ලැබුණු) සියල්ලම ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නය නිසා අවලංගු කර යුතුයි. ඒ නිසා ගෝඨා පැරදුනත් පරදින්නේ නැතිවෙන්න පුළුවනි.
ජබොස් ලාස් වෙගාස්Thursday, 03 October 2019 12:26 AM
ඔබේ නමෙන්ම තේරෙනවා ඔබ නම් කැමති මේ රට ආරාජිකව තියෙනවට බව . ඇමරිකාවේ ඉන්න අය කවදාවත් කැමති නැහැ මේ රට ස්ථාවර වෙනවට . එක ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ . ලොස් ඇන්ජලිස් වල නම් ඉන්නේ ඇමරිකාවේ දේශපාලනයක් කරගෙන කොමෙන්ට් එකක් දාගෙන ඉන්න .
suddaThursday, 03 October 2019 12:26 AM
චානක ඔබ කැමති විදිහට හිතාගන්න නමුත් ප්‍රභාකරන්ව නැතිකරපු එකේ හිතේ අමාරුව ඇරගන්න ඔබට කවදාවත් බැරිවේවි. ඔබ මේ ලංකාදීප ෆෝරම් එකේ දාන ඔක්කොම කමෙන්ට්ස් වයිරය පතුරුවන පුද්ගලික සිතුවිලි මිසක් කිසිම වැඩදායක කතා නෙවෙයි. ඔබට පුළුවන්නම් ඔබ මෙතෙක්කල් කියූ පිළිගතහැකි සාක්කි හෝ තර්කානුකුල කරුණු ඇති කමෙන්ට් එකක් පෙන්වන්න.
mangalaThursday, 03 October 2019 02:19 AM
ඔය ඇමෙරිකාවේ NGO කාරයෙක් නේද?
යාපාThursday, 03 October 2019 04:42 AM
සොලිසිටර් ජෙනරාල්වරුන්ට දේශපාලන බැලපෑම් කරපු බොරු නඩු දාලා මිනිස්සු අන්දන්න හැදුව ආන්ඩුවක වහලෙක් උන ඔබට ඇත්ත තේරුම්ගන්න බැරිකම ගැනනන්ම් අවංකවම දුකයි. මඩ ගැහුවට වැඩක් නෑ. ඒ ඔක්කොම බොරු සහ මේ ආන්ඩුවේ හෙලුව තවදුරටත් ඔප්පුවෙලා ඉවරයි දැන්නම්.
PrasadThursday, 03 October 2019 04:57 AM
චානක් ලොස් අන්ගේලෙස්, ඔයගේ ජනාධිපති ට්‍රුම්ප් ට විස්වාස බන්ගේ තාම නැද්ද?
අනුෂ්ක Wednesday, 02 October 2019 04:26 PM
නඩු විභාගය අවසන් කරන්නේවත් නැතිව ගෝඨාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීත්‍යානුකූල යැයි කියන්නේ කොහොමද? මේක සම්පූර්ණයෙන්ම සත්‍යය වසන් කිරීමක්. නීතිපතිවරයාගේ ප්‍රකාශයක් මත පමණක් මෙවැනි ප්‍රවෘත්තියක් පළ කළ හැකිද? නීතිපතිවරයාගේ අදහස අවසන් තීරණයද? ඊට ආසන්නතම උදාහරණයක් වන්නේ, දින 52 ආණ්ඩු පෙරළියේ දී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිවිට එය නීත්‍යානුකූල බව නීතිපතිවරයා කියා සිටියා. නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කිරීමයි.
ThilinaWednesday, 02 October 2019 05:30 PM
ඔබේ කතාවේ ඇත්තක් තියෙනවා. එදා සිදුවීමේදී ජනාධිපතිවරයාගේ බලය පිළිබඳව ගැටුමක් තිබ්බ 19 වන සංශෝධනය නිසා. නමුත් අපි හැමෝම දන්නා දේ නම් 19 වන සංශෝධනයට කලින් සිටියේ පූර්ණ විධායක බල ඇති ජනාධිපතිවරයෙක් බව. එ්ත් ඡන්දය කට උඩ තියාගෙන මේ කරන වැඩේ අනුමත කරන්න එපා. මේ මනුස්සයා රට වෙනුවෙන් තමන්ගේ වගකීම කරද්දී පුරවැසිකම හෙව්වේ නැහැ කවුරුවත්... තුට්ටු දෙකේ වැඩ නොකර ප්‍රතිවාදියාට මුහුණ දුන්නා නම් මෙහෙම ප්‍රශ්න නැහැ.
සමන්තThursday, 03 October 2019 05:35 AM
මොනවද මේ කියන අපබ්‍රංශ කතා? ගෝඨාම කියන විදිහට ගෝඨාට එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම නම් දැන් තියෙන්නේ ඒක උසාවියේදී ඔප්පු කරන එක. ඔහේලට, ඕහේලගේ නායකයෝ හිතෙන හිතෙන විදිහට වැඩ කළාට මේ රටේ නීතියක් තියෙනවා. ඒක ව්‍යවස්ථාවේ ලියැවිලා තියෙනවා. ඒක කැඩුවොත් කරදර වෙයි.
ChandiWednesday, 02 October 2019 05:41 PM
අනුෂ්ක ඔබ නම් නියම ව්ල අලියෙක් වගේ...
RamithaThursday, 03 October 2019 03:50 AM
අනුෂ්ක, හරියට කරුණු දන්නෙත් නෑ, හබඊ ලියන්නේ දිග කොමෙන්ට් ඔය කියන ලියවිල්ල එක නිකුත් කරලා තියෙන්නේ 2005, ඒ වෙලාවේ ඇමැතිවරු පත්කරලා තිබුන්නැති නිසා ජනාධිපතිට බලය තියනවලු ඒ ලියුම අත්සම් කරන්ඩ, එකයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියන්නේ අනික දින 52 ආණ්ඩුව නීති විරෝදී කියල කොයිම වෙලේවත් අධිකරණ තීන්දුවක් දුන්නේ නෑ, කිව්වේ ජනදිපතිට අවූරුදු 4 1/2 යනකල් ඒකට බලය නෑ කියලා විතරයි.
indika Wednesday, 02 October 2019 04:39 PM
නීතිපති කිව්ව පාර්ලිමේන්‍තුව විසුරුවපු එකත් නීත්‍යානුකූලයි කියලා.. අන්‍තිමට මොකද වුනේ?
අනිල් Thursday, 03 October 2019 05:11 AM
එහෙම කිව්වේ දැන් ඉන්න නීතිපති නෙවෙයි.
Prabha Wednesday, 02 October 2019 04:44 PM
කොතරම් පහත් තත්වයකට වැටිලද? පදනමක් ඇති චෝදනාවක් හොයාගෙන ඉස්සරහින් ඇවිත් පහරදෙන්න බලා වැඩකරන්නේ නැතිව...
lalithmThursday, 03 October 2019 03:03 AM
ඉස්සරහින් පහර දෙන්නේ ගරිල්ලන්ට නොවෙයි නේද? මෙතුමා හැම විටම නඩුවලට මුහුණ නොදී අධිකරණ තීන්දු ගන්නවා විරෝධතා දම දමා. එ්ක නිකන් ගරිල්ලා සටනක් වගේ නේද?
ධනාThursday, 03 October 2019 03:50 AM
දේශපාලන පලී ගැනීම් කියලා ඔප්පු වෙලා තියෙද්දි මොනාද මේ කියන්නේ?
virendra Wednesday, 02 October 2019 05:32 PM
මේවා කරන්න.. කරන්න.. මිනිස්සු තේරුම්ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි සජිත් පරදින නිසා, තරගයේ අනිකාව ඉවත් කරන්න හදන බව... මිනිස්සු ඉස්සර තරම් මෝඩ නැහැ.. මේකෙන් වෙන්නේ සජිත්ට ලැබෙන්න තියෙන ඡන්දත් අඩුවෙන එක.. රටක නායකයෙක් වෙන්න බලන කෙනෙකුගේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනෑ. එතකොට තමයි වටිනාකමක් එන්නේ... එ්ක බලෙන් ගන්න බැහැ.
රොෂාන් Wednesday, 02 October 2019 08:09 PM
ඔය මොනවා කිව්වත් වැඩක් නෑ සුළු ජාතීන්ගේ සහය නැත්තන්. අනිවාර්යෙන් ඡන්දෙට දෙමළ මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්දෙ තීරණාත්මකයි. ඒක දැනටමත් කොහෙද කියලා කියන්න ඕනේ නෑනේ. සිංහලයා දෙකට තුනට, හතරට කැඩිලා...
chithranandaWednesday, 02 October 2019 11:38 PM
පෞරුෂය තියෙන නිසාද හැම නඩුවකටම වාරණ නියෝග ගන්නේ. පෞරුෂයක් තියෙනවනම්, තමන් නිවැරදි නම් ඒවාට මුහුණ දෙන්න ඕන. කෙස් පැලෙන තර්ක දාලා හැමදාම මගහරිනවා
සුදත් Thursday, 03 October 2019 01:45 AM
රටේ විනය හදන්න රටේ නීතිය හදන්න එන්න දඟලන පුද්ගලයා නීතියට ඉහලින් ගිය කෙනෙක්. එතුමාට පක්ෂව අදහස් දාල තියෙන අය මේ රටේ ඉන්න අය නම් එතුමන්ලාට යම් දවසක අසාධාරණයක් අවනීතියක් සිදවුනොත් තේරෙයි ඒකෙ පල විපාක, එතකොට ප්‍රමාද වැඩියි. එතුමන්ලගෙ කාලෙ නීතිය ක්‍රියාත්මක උන හැටි අපිටනම් මතකයි.
Amila Wednesday, 02 October 2019 05:47 PM
නීතිපති පෙනී සිටින්නේ රජයේ මතය වෙනුවෙනි. එය අවසන් තීරණය නෙමේ. අනික ඉතින් සූත්තර කාරයෝ වගේම ජනප්‍රිය ඩීල් කාරයන් දෙන්නෙකුත් මේකේ ඉන්නවා. සමහරවිට ඇමරිකන් පුරවැසියා ඩීල් මතින්ම ගොඩයන්නත් පුලුවන්... කොහොමෙන් කොහොම හරි ඇමරිකන් පුරවැසියාට ඡන්දෙ ඉල්ලන්න පුලුවන් වේවා...!!!
Thilina Wednesday, 02 October 2019 06:16 PM
යූඑන්පී එකේ ඉන්නේ මොනතරම් අවංක මිනිස්සු ටිකක්ද? බලන්න එදා මහබැංකු හොරකම වෙලාවේ ඒකේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා පොලීසියට භාර දීලා ද්විත්ව තියා ලංකාවේවත් පුරවැසිභාවයවත් නැහැ කියලා දඬුවම් කලේ නැද්ද? නීතිය නවන්න කඩන්න එපා කියලා දිල්රුක්ෂි ඩයස් මහත්මියට, සුහද ගම්ලත් මහත්වරුන්ට අවවාද කරලා හදාගත්තේ නැද්ද? මේකත් ඒ වගේ අහිංසක අවංක උත්සාහයක්...
සමන්ත Wednesday, 02 October 2019 06:54 PM
නීතිපතිට අධිකරණ තීන්දු දෙන්න බලයක් නැහැ. තමන්ගේ මතය කියන්න පුළුවන්. ඒක කඩේ යන එකක් වෙන්නත් පුළුවන්. නීතිපති කියන දේවල් පිළිගත්තා නම් එදා ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය වෙලාවේ සිරිසේන අර තරම් කිච වෙන්නෙත් නැහැ. අද එහෙනම් රාජපක්ෂලාගේ රටේ අපි ඉන්නේ...
anura Wednesday, 02 October 2019 07:22 PM
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කළබව පැහැදිලිව එම රජයෙන් දන්වා තිබෙනවා. එතකොට එතුමාගේ මුල් රටවන ශ්‍රී ලංකාවේ පුරවැසි බවත් අහිමියි කියා තීන්දුවක් දුන්නොත් එතුමා ලොවේ පළමුවරට පිට සක්වළ ජීවියෙක් බවට පත් වේවි... අරුම පුදුම ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුවුවහොත් පුදුමවිය යුතු නැහැ...
Chanak los angeles Wednesday, 02 October 2019 09:55 PM
ප්‍රධාන ශීර්ෂ පාඨය ජනතාව නොමග යවන සුළුයි ..
Chanak los angeles Wednesday, 02 October 2019 10:00 PM
වාර්තා වන අන්දමට බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී ය. ගෝඨාභය ද තම අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ එදිනම වන නමුත් තම අයැදුම්පත 2005 නොවැම්බර් 21 වැනි දින ලෙස ව්‍යාජව ආපසු දිනයක් යොදා ඇත. බැසිල්ගේ සහ ගෝඨාගේ අයැදුම්පත් එකම අයෙකු විසින් එකම දිනයක පුරවා ඇති බව තහවුරු වන කාරණා රාශියක් ඇතැයි එවායේ පිටපත් ඇසින් දුටුවෙක්ප වසයි. අත් අකුරු සමානය. 'ස්පෙලින් මිස්ටේක්' ඇති අතර ඒවාද සමාන ය.
ලුම්බිණි Thursday, 03 October 2019 12:35 AM
මගේ අදහස නම් මෙම නඩුව බලය අනිසි ලෙස ඒ කාලයේ පාවිච්චි කළ බව පෙන්වීමට නිදසුනක් කියලයි. උසාවිය මොන තීන්දුව දුන්නත් මේ කරපු වැඩේ අයුතු සහගතයි.
Nalaka Thursday, 03 October 2019 12:49 AM
දැන් කඩේ යන්නේ ගෝඨාටද?
Nalaka Thursday, 03 October 2019 01:00 AM
කළකම් ඵලදේ. ගෝඨාවත්, අනිත් අයටත් මේ අටලෝ දහමින් බේරෙන්න බැහැ.
dhammika perera Thursday, 03 October 2019 01:05 AM
ඇයි මේ නිවට කතා? රට බේරලා දුන්නා කියලා ගෙදර බිරිඳයි, දරුවන් එක්කයි රාජපක්ෂලත් එක්ක නිදාගන්න දෙන්න තරම් මිනිස්සු මෙච්චර නිවට ඇයි? හෙල්පින් හම්බන්තොට නඩුවෙන් බේරුවා. සරත් නන්ද සිල්වා ජාතියෙන්ම සමාව ඉල්ලුවා හිරේ ඉන්න ඕනේ කෙනෙක් ජනාධිපති කළා කියලා... කොටින්ට සල්ලි දීලා දෙමල ජනතාවගේ ඡන්ද අයිතිය පාගලා ජනාධිපති වුණා. විත්තිකාරයන් හදිසි අනතුරකින් මැරලා නඩුත් නෑ. මාධ්‍ය ආයතන ගිනි තියපු ඒවා, අවේන්ගාර්ඩ් නඩු ඔක්කොම හංගගෙන හිරේ දාන්න බැරිවෙන්න තීන්දු අරගෙන... ඇයි රාජපක්ෂලාට විතරක් මේ රටේ එක නීතියක්? සාමාන්‍ය මිනිස්සුන්ට විතරද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? කෝ ඇති කළයි කියපු නීතියේ ස්වාධීනත්වය..? බම්බුවේ යහපාලනය. දැන්නම් නීතිය පිළිබඳව කිසිම විශ්වාසයක් නෑ. කියන්නේ නම් පනින්න හිල් තියෙනවලු. ඔව් නඩු පවරන්නේ අන්තිමට අහක වැටෙන්න බලාගෙන. සරත් ෆොන්සේකාව ගිහින් හිරේ දැම්මේ. කමෙන්ට්ස් දිහා බලනකොට අපරාධකරුවන්, මිනීමරුවන්, හොරුන්ව රජකරවන්න අපේ බැලයින්ට පුදුම අමාරුවක් තියෙන්නේ...
Chathuri Thursday, 03 October 2019 02:09 AM
අපිට හම්බ වෙන්නේ මහා. පුදුම වීර නායකයෝ රටේ යුද්දය තියෙනකොට ඇමරිකාවේ පුරවැසියෝ යුද්දේ ඉවර වුනාම රටේ නායකයෝ , ලැජ්ජයි ,පුදුමයි දෙක එකට , ඇයි මෙතරම් දගලන්නේ රටේ ජනාදිපති වෙන්න.
saliya Thursday, 03 October 2019 03:39 AM
නීති මය තර්කය නිවැරදි බව පෙනේ. නමුත් අවසාන නිගමනය ලෙස හැඟවීම නිවැරදි නොවේ.
ලසන්ත හපුආරච්චි Thursday, 03 October 2019 04:17 AM
මෙතන කට්ටිය පටලගෙන ඉන්නේ .මෙතනින් කියන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කියන එක නෙමෙයි .ලංකාවෙයි ඇමරිකාවෙි දෙකේම පුරවැසිභාවය තියෙනවා කියන එක .
sharm warn Thursday, 03 October 2019 04:31 AM
ළමයි.. එකක් තේරුම් ගන්න. උසාවි යනවා නම් මේ වගේ ලොකුතැනක ඉඳගෙන යන්න. එතකොට ඕගොල්ලෝ වෙනුවෙන් කඩේ යන්න රොත්ත පිටින් එන්නේ .. බඩට ලුණු කැඳවත් නැතිව හරි කට්ටිය කඩේ යයි. 225ම සුන්නත් ධුලි කරන්න ඕනෑ කියපු කට්ටිය එක්කෙනෙක් වත් දැක්කොත් පොඩ්ඩක් කියන්න.. බේතකට වත් හොයාගන්න බැහැ.
rohana Thursday, 03 October 2019 04:48 AM
තිලින, යුද්දේ කලේ සහ ඉවර කලේ සරත් ෆොන්සේකා මිසක් වෙන කවුරුත් නෙවෙයි.
යාපා Thursday, 03 October 2019 04:49 AM
මේ රවට්ටන්න හදන්නේ අපේ රටේ මිනිස්සු නේද බොරු නඩු දාලා. නීතිය වල්වැදිච්ච යුගයක් මේක. මොකටඩ මිනිස්සු රවට්ටන්නේ බලය අරගෙන ඉතුරු ටිකත් විකුනලා කන්න නේද?
rocky Thursday, 03 October 2019 05:11 AM
රාජපක්සලා කරන මොන දෙයක් වුනත් හරිය කියලා පිළිගන්න අම්බරුවන් රැලක් ඉන්න රටක ජීවත්වෙන්න ලැබීමත් පූරුවේ කරුමයක්!
kamal Thursday, 03 October 2019 06:46 AM
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ... ඉතින් අපි කුමක් කරමුද?
ramendra Thursday, 03 October 2019 07:44 AM
"ද ටර්මිනල්" චිත්‍රපටිය මතක් වෙනවා. නමුත් මේ ප්‍රශ්නය දැන් ඊටත් එහා ගිය එකක් වගේ...
G.D. karunaratne Thursday, 03 October 2019 09:20 PM
ඕනෑම කෙනෙකුට ඕනෑම රටක හැකියාවක් ලැබුනොත් විදේශ රටක පුරවැසිකම ලබා ගැනීම තම රට එපා වෙලා හෝ රට අත්හැරීමක් වෙන්නෙ නැහැ, ඊට ප්‍රධානම හේතුව තමා අපේ විදේශ ගමන් බලපතට තියෙන්නේ ලෝකයේ අඩු පිලිගැනීමක්, ඔය මහා සංවර්ධිතයි කියල සම්මත කර ගත්ත රටවල ගොඩක් දෙනෙක් යන්න උත්සාහ කරන විදේශ ගමන් බල පතකට ඕනෑම රටකට යෑමේ හැකියාව සහ වෙනත් විශේෂ වරප්‍රසාද තියෙනවා. මේක තමා විදේශ පුරවැසිකමක් ලබා ගැනීමෙ ප්‍රධාන හේතු, එසේ කල පමණින් රට හැර ගිය කෙනෙක්, එපා වෙලා ගිය කෙනෙක් කියල විනිශ්චය කිරීම, මඩ ගැසීම තනිකරම ද්වේශය, කුහකකම, හා ඊර්ෂියාව නූගත්කමින් පිරුණු ක්‍රියාවක්, මෙතනදී ඊට අමතරව තරගයෙන් පැරදීමට ඇති බය. මහ පුටුවට කෑදරකම, අන්තවාදී දේශපාන අන්තවාදය.
g.perera Friday, 04 October 2019 04:16 AM
කොහොමත් ගෝඨා පරදිනවා .
ranjith Monday, 07 October 2019 09:46 AM
මෙහෙ ඉදන් ඇමෙරිකාවට බනිනවා පවුලේ ඔක්කොම රිංගගෙන ඉන්නේ ඇමෙරිකාවේ මේ ලංකා භූමියේ පුරවැසි පවුලකින් නායකයෙක් හොයාගන්න බැරි රටක්ද?