
(විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත ඇල්දෙනිය ජනතා මාවතේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ ඇති වූ ගින්නකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි.
ත්‍රී රෝද රථ රියදුරකු වූ අජිත් රේමන්ඩ් (57) වියේ පසු වූ අතර සුමිත්‍රා රාජපක්ෂ (53) යන අඹුසැමියන් ගින්නට අසුව මියගොස් ඇත.
අඹු සැමි යුවළ සිරුරට ගිනි තබා ගෙන සියදිවි හානි කරගන්නට ඇති බවට කඩවත පොලිසිය සැක පළකරයි .
කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ අනුමානය අනුව ඔවුන් ගිනි තබාගෙන ජීවිත හානි සිදු කර ගත්තා නම්, ඒ තත්ත්වය බොහෝ දුරට මේ වසන්ගත කාලය හා සම්බන්ධ යැයි සීතිය හැකියි. ත්‍රී විලර් රැකියාව නැතිවුණා. ආදායම් නැහැ. කෝවීඩ් හැදුනා. දැන් කරන්නට කිසිදෙයක් නැහැ. නමට රජයක් තිබුණට එය මහජන දුක හා ප්‍රශ්න හරිහැටි හඳුනන්නේ නැහැ. වෙනත් කළයුතු කිසිවක් නැති විට, පිහිටක් නැතිවිට, ගිනි තබාගෙන ජීවිතේ නැතිකර ගත්තා වෙන්නට බැරිද ?
ඒ අය ගාව සල්ලි නැති නිසා කෑම බීම හොයාගන්න බැරි නිසා සිත් තැවුලෙන් මේ දේ කරගත්තද ? හරිම කණගාටුයී ...
මේ ගොල්ලන්ට සිය දිවි නසාගන්න කියලා අපේ ජනාධිපති තුමා කිව්වේ නැනේ.
බොහෝ නගරවල කුලියට ඉන්නා අය ඉන්නවා.. සමහර අය පරම්පරා කිහිපයක්ම හෝ දශක 2 - 3 එහෙම කුලියට ඉන්න අය. ඒ වාගේ අයට මේ වසංගතය ඉවසන්න අමාරුයි. එවන් අයට වෙන පලාත්වලින් හෝ රජයේ ඉඩම් කොටස් ලබා දෙන්න ඕනෑ. නිසි ආකාරයෙන් සංගණනයක් කරලා