
(විනීතා එම් ගමගේ)
තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධූරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණ වෙනුවෙන් දිවි දෙවැනි කර කැපවන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් තමන් එතැනින් ඉවත්ව සමාජ ව්‍යාපාරය ගොඩ නැගීම වෙනුවෙන් පමණක් යෙදෙන බව ද උන්වහන්සේ කීහ.
රතන හිමියන් මේ අදහස් පළ කළේ සදහම් සෙවනේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ තම පක්ෂයට ඡන්දය දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කනගාටු නොවී මදක් ඉවසා සිටින ලෙස යැයි ද කීහ.
අපේ ජනබල පක්ෂය පිළිබඳව මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිව ඇති බවත් තමන් වහන්සේ අතුරුදන්ව ඇතැයි ද සමාජයේ ආරංචියක් පැතිර ඇති බවත් රතන හිමියෝ කීහ.
අතුරුදන්ව ඇතැයි කියන තමන් වහන්සේ කොතැනක හෝ නොවැඩි බවත් සෑම දිනකම රාත්‍රී ගතකළේ සදහම් සෙවණේ බවත් කී උන්වහන්සේ අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් සිදු නොවූ බවත් පැවැසූහ.
ප්‍රශ්නයක් පවතින්නේ නම් සමගි සම්පන්නව එය විසඳාගත යුතු යැයි ද අනවශ්‍ය අන්දමින් කථා බහට ලක්කෙරෙන මාධ්‍ය ප්‍රචාර සහිත මාධ්‍ය සංදර්ශනයක් බවට මේ සිද්ධිය පත් කරගෙන ඇතැයි පෙනී යන බව ද රතන හිමියෝ සඳහන් කළහ.
ඉදිරියේ දී ගිවිසුම් ප්‍රකාරව මා දෙන නිර්දේශ මත මන්ත්‍රීවරයා පත් කිරිමට පක්ෂයේ ලේකම්වරයා බැඳී සිටින බවත් උන්වහන්සේ කීහ.
ඉදිරි කාලය තුළ නීතියේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බවත් සාමකාමීව සාකච්ඡා කරමින් සාධාරණ විසඳුමකට එළැඹෙන බවත් කී උන්වහන්සේ ඡන්දය දුන් ජනතාවට කියන්නේ මේ සම්බන්ධ කනගාටු නොවන ලෙස යැයි ද ජාතික වයාපාරයක් වෙනුවෙන් ඇති කැපවීම මන්ත්‍රී ධුරයක් ඇතත් නැතත් ඒ අන්දමින්ම ඉටු කරන්නේ යැයි ද රතන හිමියෝ තව දුරටත් කීහ.
ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් සඳහා දැක්ම හා වැඩපිළිවෙළ තමන් සතු බැවින් මන්ත්‍රී ධූර ඇතත් නැතත් එම වගකීම ඉටු කරන බව උන් වහන්සේ පැවැසූහ.
COMMENTS
ජනතාව ඡන්දේ දුන්නේ ගලබොඩ-අත්තේ හාමුදුරුවන් නිසායි.
පහුගිය කාළේ මන්ත්‍රී කමට පෙරේත කමේ නටපු නාඩගම මුළු රටම දැක්කා .. අවුරුදු 15ක් පාර්ලිමේන්තුව ඉඳගෙන මොනවද කලේ කියලා පුළුවන්නම් කියන්න බලන්න.
‘‘ තණ්හාය ජායති සෝකෝ....‘‘
හාමුදුරුවරුන්ට බෞද්ධ ඉතිහාසය පුරාම එකට ඉඳගෙන වැඩක් කරන්න බැහැ. එ්ක පළමු ධර්ම සංගායනාවෙන් පස්සේ පුරාණ හාමුදුරුවෝ කියන කථාවෙන්ම තේරෙනවා.. මිනිස්සු බොරුවට රවටනවා විතරයි.. ඔයාගේ දේශපාලන ව්‍යාපාරය අපිත් කැම්පස් එකේ පළමු වසරේ ඉඳලා හොඳට දන්වා, පව්නොදී පැත්තකට වෙලා ඉන්න... දෙනදෙයක් කාලා බීලා...
අනේ දෙවියනේ ... ශාසනයකට හා බුද්ධ චීවරයට ගිය කලක්...
අනේ ඔය දිවි එපා. දැක්කනේ බදූර්දීන් බේරගන්න කරපු මගඩිය... හොර ඩීල් කාරයින්නේ....
ගැටුමකට හෝ ගොස් මන්ත්‍රී අසුන ලබා ගන්නවා විනා, "අත්හැරීම" ගැන කතා කිරීමත් අශුභ හා අකැප කාරණාවක් නේද අපේ හාමුදුරුවනේ? අනිත් එක ඔබ වහන්සේලා එදා ඒ සටන නොකලා නම්, මේ වෙද්දී, ලංකාවේ කාන්තාවන් හැමෝම වඳ වෙලා... දොස්තර සාෆිලත් නිදැල්ලේ ජීවත්වෙනවා... හිස්බුල්ලා මැතිතුමත් ඔහුගේ වැඩේ නිදහසේ කරගෙන යනවා. හැකියාවක් තියනවා නම් වෙනත් පක්ෂයක මන්ත්‍රීකමක් කොල්ල කාලා හරි කමක් නැහැ. දෙතුන්දෙනාම පාර්ලිමේන්තුවට ගොඩවෙන විදිහක් බලන්න.
අනේ මගේ කට...
ශාසනේ විනාශ වෙනවා. ඔක්කොම ජනබල කාරයින් නිසා විනාශ වෙනවා.
මිනිස්සු ඡන්දෙ දුන්නේ ඥානසාර හිමියන් ගැන තිබූ දැඩි විශ්වාසය හා කැමැත්ත මතයි.. එ් නිසා මිනිස්සුන්ගේ කිසිම අකමැත්තක් හෝ කණගාටුවක් ඇතිවන්නේ නෑ... ඒ හිමියන්ට මන්ත්‍රීකම ලබා දුන්නාට.. ඒ ගැන කිසිම සැකයක් තබාගන්න එපා..
ශාසනේද? ආසනේද? වඩාම කිට්ටු?
සරලවම කියන්න තියෙන්නේ මෙපමණයි. "ලැජ්ජයි හාමුදුරුවනේ"
කෙලෙස් පිරුණු ආත්මයක්.., කසාවතින් වැසුවට වැඩක් නැතිවෙලා...
අමුතුවෙන් ගැටුමක් ඇතිවෙන්න දෙයක් නැහැ. මුලු ලෝකෙම හිනස්සලා ඉවරයි.
අනේ අනේ අම්මාපා...
මෙයා එදා උපවාස නොකළානං සියලු ජාති ද්‍රෝහීන්ගේ වෙස් මූණු ගැලවෙනවා. එදා රනිල්ගේ කොන්ත්‍රාත්තුව බාර අරං සහරාන්ව බිහිකරපු සෙට්එකම බේරගෙන වීරයින් කළා. ඔබ වහන්සේ ඔය ආරාමෙට වෙලා ඉන්න. ජාතිය නගා සිටුවන්න අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් ඔබට බැරි වුණා. ගලගොඩඅත්තේ හාමුදුරුවනේ, රතන උන්නාන්සේ සමග ඔබවහන්සේට ගමනක් නැත...
දැන් හොඳ තීරණයකට එන්න පමා වැඩියි. බුද්ධ ශාසනය දැනටමත් විනාශවෙලයි තියෙන්නේ... ඇත්තටම ලැජ්ජයි...
දැන්වත් ඉතින් ඕක අතෑරලා දාන්නකෝ... එහෙනම්... එක හාමුදුරුවෝ කෙනෙක්වත් පාර්ලිමේන්තු යන්න ඕනේ නැහැ. ඔයත් ගිහිල්ලා අවුරුදු ගාණක් හිටියනේ.., කරපු කෙංගෙඩියක් නැතිවුණාට... සිවිල් සමාජයේ උගතෙක්ට ඕක දෙන්න.
අවුරුදු 4ක් වසවිස නැති හාල් කවලා අන්තිම මොහොතේ පිදුරු ගහේ එල්ලෙන්න වගේ... පොහොට්ටුවේ එල්ලිලා නොමිනේෂන් නොලැබුණාම වෙන පක්ෂයක් අටවාගෙන දැන් ආසනේට නඩු කියනවා. පහුගිය වසර 5ට අසුනේ වාඩිවෙලා ශාසනේට මොනවද කෙරුවේ? රනිල් වික්‍රමසිංහ වගේ ඔබවහන්සේත් ඉතිහාසයේ කුණුකූඩෙට වැටිලා ඉවරයි.. දැන්වත් ගිහිජීවිතේ අතහැර ලබපු පැවිදි ජීවිතෙන් ශාසනේට කෙසේවෙතත් ඔබතුමාගේ නිවන්මගට මග සලසාගන්න..
රතන හාමුදුරුවන් සම්බන්ධ නොවුණා නම් ගලබොඩ හාමුදුරුවන් තවත් ආසනයක් දෙකක් ගන්නවා. තවදුරටත් කුමන්ත්‍රණ කිරීම නවතා දැන්වත් ඔය ආශාව අත් හරින්න...
සිවුරේ ගෞරවය තියන්න...
මෙයාලා නිසා තමයි රාජපක්ෂලා පන්සල්වල පිනුම් ගහන්නේ...
කලිසමක් ඇඳගෙන සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නැති අය සමහර විට වෙස්අරගෙන හරි ගිහි ජීවිතයට මුහුණ දෙන්න වෙනවා.
මම සහ අපේ පවුලේ අය ඡන්දය දුන්නෙ ගලගොඩඅත්තේ හාමුදුරුවෝ වෙනුවෙන්... උන්වහන්සේ විතරයි බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටියේ. ඒ තනතුර ගලගොඩඅත්තේ හාමුදුරුවන්ටයි ලැබිය යුත්තේ. ඔය පක්ෂයට ඡන්දය දුන් අතිබහුතරයගේ පැතුම ඒකයි...
මම සහ අපේ පවුලේ අය ඡන්දය දුන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවෝ වෙනුවෙන්... උන් වහන්සේ විතරයි බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටියේ... ඒ තනතුර ගලගොඩඅත්තේ හාමුදුරුවන්ටයි ලැබිය යුත්තේ... ඔය පක්ෂයට ඡන්දය දුන් අතිබහුතරයකගෙ පැතුම ඒකයි...
මට මතකයි සමන්තභද්‍ර හාමුදුරුවන් කිව්වා චීවරේ දාලා දේශපාලන කරන අයගේ කාලේ ඉවරයි කියලා.. දැන් ඒක සිදුවෙමින් පවතිනවා.