( දිල්රුක්ෂි ග්‍රේරු)
මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා , මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ගංජා කිලෝ 56 මිලිග්‍රෑම් 460 ක් , මුදල් රුපියල් හැටහත්දහසකට වැඩි ප්‍රමාණයක් , තරාදියක්, ජංගම දුරකතනයක් සහ මෝටර් රියක් සැකකරු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මුල්ලේරියාව පොලීසියට බාර දී ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරිවයාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS