(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධුරය සදහා දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා පත් කෙරෙනු ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
විශේෂයෙන්ම පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව හය වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.
ඔහු ජාතික ලැයිස්තු පත් කළ මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන බවත් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය මනෝජ් සිරිසේන මහතාට හිමිවනු දැකීම තම අපේක්ෂාව බවත් මේ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
ඒ සදහා සුබ පැතුම් එක් කර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබේ.
කෙසේ වෙතත් හිටපු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැදී සිටිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන මහජන නියෝජිතයෙකි.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීමට එකතු වී සිටී.
කෙසේ වෙතත් පුරප්පාඩු මන්ත්‍රී ධුරයට මනෝජ් සිරිසේන මහතා පත් කළ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තව දුරටත් ඉහළ යනු ඇති බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
COMMENTS
කට කනේ නේද හාදයෝ...? හැකි ඉක්මණින් මේ ගොයියටත් යාන වාහන, අරවද මේවද.., එකී මෙකී නොකී සියලුම පහසුකම් ලබා දුන්නොත් හොඳයි. නැත්නම් මහජනයාට සේවය කිරීමට ප්‍රමාදවෙයි හොඳේ... එතකොට පුරවැසියන්ට මෙයාගෙනුත් අඬවැඩියාව අහන්න තමයි වෙන්නේ...
මරණය ගැන දුක්වීම කෙසේවෙතත් මෙයාගේ ගෙදර නම් කිරිබත් උයාගෙන ජය පැන් බොනවා ඇති...
බුදුඅම්මෝ... තවත් සිරිසේන කෙනෙක්!!!
මහජනයා ප්‍රතික්ෂේප කර උදවිය ජාතික ලැයිස්තු වලින් පත්කරලා ජනාධිපති තුමාටම පිටුපෑවා. මේ මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද?
මන්ත්‍රීලා මැරෙන එකත් නරක නැහැ. ඊළඟ එකාට කල්ලමරේ...
වැඩියෙන් සතුටුවෙන පුද්ගලයා ඔබයි ! යානවාහන වගේම දීමනා මාස කීපයකට හරි ලැබෙනවා කියන්නේ ලොතරැයියක් ඇදුණා වගේ..
දිවුරුම් දුන්නු ගමන්ම වේගවත් පිම්මක් පොහොට්ටුව පැත්තට දමාවිද?