IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)

කළු ගඟ ඔස්සේ රතඔඇල්ල දක්වා 'ගඟේ පෙරහර'  පවත්වා දිය කැපීමෙන් අනතුරුව, මෙවර සමන් දේවාලයේ ඇසළ පෙරහර අද(03) නිමාවට පත් වූ බව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා  පැවසීය.

දිය කැපීමේ චාරිත්‍රයට සහභාගී වූ  සමන් දේවාලයේ රාජකාරිකරුවන්, කපු මහතුන් මෙන්ම ගම්වාසීන් ද ඔරු අඟුල්වලින් කිලෝමීටර 6ක් පමණ දුර කළු ගඟ ඔස්සේ පැමිණීම 'ගඟේ පෙරහර' ලෙස හඳුන්වයි. සබරගමුවාසීන් මහත්  භක්තියෙන් සලකන මෙම ගඟේ පෙරහරට ගම්වාසීන් ඔරු අඟුල් යොදවා තිබුණි.

එවැනි ආගමික පෙරහැරක් ශ්‍රී ලංකාවේ සිදුකරන එකම අවස්ථාව සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය පමණි.                                                                                                            
සබරගමුව ‍මහ සමන් දේවාලයේ ප්‍රථම ජාතික පෙරහර උළෙල, චාරිත්‍ර සහ සංස්කෘතික වටිනාකම්වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය උපදෙස් පරිදි මෙවර පැවැත්වීමට කටයුතු කර තිබුණි. අගෝස්තු 29 වන දින ආරම්භ වූ සමන් දේවාලයේ රන්දෝලි පෙරහර ඊයේ (02) රාත්‍රියේ දී නිමාවට පත්විය.

ගඟේ පෙරහර සඳහා රජය නියෝජනය කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි සහ රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම යන මහත්මීහු එක්ව සිටියහ.



අදහස් (0)

‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 749 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 567 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site