
(ඩයනා උදයංගනී)
පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, කළු, නිල්වලා, ගිං සහ බෙන්තර යන ගංගා ද්‍රෝණි සහ දැදුරු, මහ, අත්තනගලු සහ කලා යන ඔයවල් ආශ්‍රිතව ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූර්ව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
මේ වන විට පවතින වැසි තත්වය, ඉදිරි දිනවලදී ඇතිවිය හැකි වර්ෂාපතනයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති අනතුරු ඇඟවීම් සහ දිවයිනේ ජලාශවල දැනට පවතින ජලධාරිතාවය අනුව මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
වැසි තත්වය අඛණ්ඩව පැවතියහොත් මෙම ගංගා ආශ්‍රිතව සැලකිය යුතු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගා නවයක් චන්ඩ වෙයි