(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පැවසීය.
නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා සමකාමී වාතාවරනයක් පවතින බවත් බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා නොවූ බව ඒ මහතා කීය.
නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ආදී පැමිණිලි පමණක් ලැබෙමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.
මෙම සාධනීය තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.