(ජයන්ත සමරකෝන්)
මීනිමැරුම් චෝදනාවක් මත ජිවිතාන්ත සිරදඬුවම් විඳින සිරකකරුවකු කළහකාරී ලෙස හැසිරිම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සිරකරුවකුට දත් 3 ක් කැඩෙන්නට පහරදීම,ජංගම දුරකථන භාවිතාව හා උසස් නිලධාරින්ට අපහාසාත්මක ලෙස බැන වැදීම සම්බන්ධයෙන් මෙම සිරකරුවාට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.
මීට වසර කීපයකට පෙර මිරිහාන පොලිසිය තුළදී පුද්ගලයකුට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු වන මෙම සිරකරුවාට මරණ දඬුවම නියම වූ අතර පසුව එය ජිවිතාන්ත සිරදඬුවමක් බවට පරිවර්තනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ කලහකාරී ලෙස හැසිරෙන අය එතැනම වතුරේ ගිල්ලලා තියන්න ක්‍රමයක් නැද්ද...?