
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ පදිංචි කරුවන් සහ රැකියාවල නිරත වන පුද්ගලයන් සඳහා (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල) නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අරඹනු ලැබ ඇත.
මෙම පරීක්ෂණ කෙරෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීය.
කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නේ සෑම දිනකම පෙරවරු 9 සිට 11 දක්වා එම කටයුතු සඳහා පහසුකම් සලසා ඇති බවයි.
කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන ඕනෑම කෙනකුට මෙම පරීක්ෂණ සඳහා පෙනීසිටිය හැකි බවද ඇය සඳහන් කළාය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ෆේල් ලු ?
කොළඹට කිරි අපට කැකිරි
වැක්සීන් ගැහුවම සේරම හරිනම් ඇයි දැන් ආයේ මුලට යන්නෙ