IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ වරායේ දත්ත මැකීයාම ගැන විමර්ශනයක් ආරම්භ කරලා

(නිමන්ති රණසිංහ)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සන්නිවේදනවලට අදාළවූ කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ වී ටී එම් එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට අද (13) දැනුම් දුන්නේය.

මෙම දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් අයකු හිතාමතාම එම වරද සිදුකර ඇති බවට එහිදී කරුණු අනාවරණය වුවහොත් තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරීමට පසු බට නොවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේය.

කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ වී ටී එම් එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් මේ වන විට එහි හාබර් මාස්ටර්වරයා ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අදාළ වී ටී එම් එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත අතර, ඉකුත් 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලයට අදාළ දත්තයන් මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී තිබුණු බවත් එම සිද්ධිය සිදුවූයේ කෙසේද? ඊට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් ඉකුත් දා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇති බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

 



අදහස් (6)

කොළඹ වරායේ දත්ත මැකීයාම ගැන විමර්ශනයක් ආරම්භ කරලා

මරා Tuesday, 13 July 2021 08:52 PM

නැව් අයිති කොම්පැනියෙන් වන්දි කෙසේවෙතත් නැව් අයුති කොම්පැනියට ගෙවන්න වෙන සීන් එකක් වගෙයි දැන් යන්නේ.

:       0       0

Ranjan Tuesday, 13 July 2021 09:30 PM

පුදුම දේ කියන්නේ ලංකාවේ මොනවා හරි දෙයක් වෙන විට CCTV ක්‍රියා විරහිත වෙනවා PC වල දත්ත මැකී යනවා මේ කියන විදිහට දින 10ක් යනතුරුම මේ ගොල්ලන් දැනගෙන සිට කිසිවක් නොකර ඉන්න හේතුව මොකක්ද මේ ලෙඩේ..?

:       0       260

vikum Tuesday, 13 July 2021 10:31 PM

පුස්කොළපොතේ ලියපු අකුරැ අවුරැදු සිය ගනණක් පවතින රටෙ, මෙච්චර තාක්ෂණය දියුණු යුගයේ දත්ත මැකී යනවා කියනකොට ලංකාවේ තත්වය හොදටම තෙරැම් ගන්න පුලුවන් නේද, රටකට ගියපු කලක්

:       0       0

Don Wednesday, 14 July 2021 02:34 AM

මෙතනම සියල්ල පැහැදිලියිනේද

:       0       0

ලලිත් එම් Wednesday, 14 July 2021 06:55 AM

ඩොලර් වලට කළහැකි ආශ්චර්යමත් දේවල් තිබෙන බව පෙනේ... වීරසේකර සර්ට බැරිවෙයිද මැකෙන විදිහ සොයා දෙන්න...?

:       0       73

වාසුදේව Wednesday, 14 July 2021 09:25 AM

ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න අවසර දීලා මේ සාගර සම්පතට කරපු මහා විනාශයට මේ අය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. දැන් මේ නිකම් අත හෝදගෙන පැත්තකට වෙන්නයි හදන්නේ. ප්ලාස්ටික් තොග ගණන්, මහා විශාල කැස්බෑවන්, මෝරුන් හැමදාම මැරි මැරී ගොඩ ගහනවා. මේ විෂ ගැන බයට මිනිස්සු මාලු කෑමත් අතහැරලා. මේක මහා සාපයක් රටට. කවුද මේවා වගකියන්නේ...?

:       0       140

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28575 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11054 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site