IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කොළඹ වායු දූෂණය යළිත් ඉහළට

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ වායුගෝලීය දුවිලි අංශු ප‍්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

විශේෂයෙන්ම හෙට (27) සිට ලබන 2 වැනිදා දක්වා දින 5 තුළ  උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා  පැවසීය.

වායුගෝලයට එක්වන දුම් ආදිය හේතුවෙන් වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යන අතර සුළඟ සමඟ ඒවා පාව යාම හේතුවෙන් වායුගෝලය සාමාන්‍ය වන බවත්, මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් එසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය පාලනයවීම නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම දිනවල පහළ වායුගෝලයේ සුළං එක් දිශාවකටත්, ඉහළ වායුගෝලයේ සුළං තවත් දිශාවකටත් හැමීම හේතුවෙන් වායුගෝලීය අංශු ඉහළ වායුගෝලය කරා නොයා පහළ වායුගෝලයේම රැඳී තිබීමෙන් මෙසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යන බව ද ප්‍රේමසිරි මහතා පැවසීය.

විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

පසුව උණුසුම ඉහළ යාම හෝ වැසි ඇතිවීම ආදිය දහවල් කාලය වන විට එම අංශු ප‍්‍රමාණය තරමක් අඩුවන බව ද හෙතෙම කීවේය.

සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 - 70 අතර අගයක් ගන්නා අතර එම අගය 100 ඉක්ම වුවහොත් වායුගෝලීය දූෂිත තත්ත්වයක් ලෙස හඳුන්වන බව ප්‍රේමසිරි මහතා ප‍්‍රකාශ කළේය.

මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැකි බව ද හෙතෙම කීවේය.

මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.

ඉකුත් මාසයක පමණ කාලයේ දී කිහිප වරක්ම මෙලෙස කොළඹ නගරයේ වායුගෝලීය දූෂණය ඉහළ අගයක් ගත් අතර පසුගිය වසරේ ද දෙසැම්බර් මාසයේ දින තුනක පමණ කාලයක් මෙවැනි තත්ත්වයක් වාර්තා වූ බව ප්‍රේමසිරි මහත සඳහන් කළේය.

මෙවැනි කාලවලදී රථ වාහන භාවිතය අවම කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ආදිය මගින් වායුගෝලය ආරක්‍ෂා කරගැනීමට පියවර ගත හැකි නම් එය ඉතා වැදගත් බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (2)

කොළඹ වායු දූෂණය යළිත් ඉහළට

Athula Tuesday, 26 November 2019 03:23 PM

ඔන්න අපේ ජනාධිපතිතුමාට කරනවානම් මෙහි බරපතලකම වැටහෙනවානම් මේක නතරකරන්න දැඩි පියවර ගන්න කියල අපි ඉල්ලා සිටිනවා

:       0       15

sharm warn Wednesday, 27 November 2019 04:12 AM

අලුත් ජනාධිපති ට නගර සැලසුම ගැන අවබෝධයක් තියෙන නිසා මෙන්න හොද අවස්ථාවක්. අනේ කරුණාකරලා කොළඹ නගරයට එන කාර් ගණන අඩු කරන්න. නගරයේ ඉදලා අඩු ගානේ කිලෝමීටර් 10ක් දුරින් කාර් නවත්තලා කොළඹට (SHUTTLE බස් ) කෙටි දුර ධාවන බස් රථ යොදන්න. අනිත් එක මේ ඉවක් බවක් නැතිව හැදෙන සුපිරි මහල් නිවාස ගොඩ නැගීම නවත්වන්න. (මේක කාලීන අවශ්‍යතාවයක් නොවේ. ලොකු සමාජ හානියකට පාර කැපීමක් විතරයි. සුපිරි නිවාස වලට ආයෝජනය කරන්න ඉන්නේ 20% ක් විතරයි ) මේ සිමෙන්ති කඳු වලිනුත් පරිසරයට ලොකු ධුවිලි කන්දක් එකතු වෙනවා වගේම මෙතෙක් කල් ආපු මුහුදු සුළඟ දවසින් දවස අවහිර වෙනවා. කොළඹ බේසමක් වෙලා නිසා තමයි මේ කවදාවත් නොවුණු විදියට වායු දුෂණය ඉහල ගිහින් තියෙන්නේ. වහාම ක්‍රියා කරන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 234 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 733 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site