IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ වායුගෝලය සාමාන්‍ය තත්ත්වයට

(ඩයනා උදයංගනී)

වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් දෙදිනක් පුරා දූෂිත තත්ත්වයක පැවති කොළඹ නගරයේ වායු ගෝලය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.

එසේ වුවත් රටට උතුරු දෙසින් පැමිණෙන සුළං රටා වෙනස් වෙමින් තිබෙන ආකාරය අනුව ලබන 13 වැනිදාද යළිත් එවැනි තත්ත්වයක් වාර්තා විය හැකි බව ඔහු සඳහන් කළේය.

වායුගෝලීය දත්ත ලබාගැනීම ඉදිරියටත් සිදුවන බව කී ජාතික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා මේ වන විට අනුරාධපුරය, යාපනය, වව්නියාව, පුත්තලම ආදී දිස්ත‍්‍රික්කවල ද වායුගෝලීය දත්ත ලබාගැනීමේ උපකරණ තැන්පත් කර ඇතැයි කීවේය.

වායුගෝලයේ පවතින ඉතා කුඩා අංශුවල දෙගුණයක, තුන් ගුණයක පමණ ඉහළයාමක් ඉකුත් දෙදින තුළ වාර්තා වූ නමුත් අද (7) වන විට එය සාමාන්‍ය මට්ටමට පැමිණ තිබූ බව ද ප්‍රේමසිරි මහතා ප‍්‍රකාශ කළේය.

සරත් ප්‍රේමසිරි මහතා මේ බව පැවසුවේ කොළඹ විද්‍යා මාවතේ පිහිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙය ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවන බව කී ප්‍රේමසිරි මහතා ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, චීනය වැනි ආසියාතික රටවලද මෙවැනි තත්ත්වයන් ඇතිවන බව සඳහන් කළේය.

බාහිරින් පැමිණි දූවිලි හා විවිධ රසායන අංශු විශාල ප‍්‍රමාණයක් සමඟ රථ වාහන හා කර්මාන්තශාලා ආදියෙන් නිකුත්වන දුම් එකතුවීමෙන් මෙවන් තත්ත්වයක් මතුවන බව කී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා පසුව සුළඟ සමඟ ඒවා බොහෝ දුරකට පාවයාම, ගහකොළ ආදිය මත තැන්පත්වීම සිදුවන බව ද කීවේය.

මෙවැනි තත්ත්වයක් කොළඹ නගරයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවුණත් දින දෙකක් තිස්සේ මෙවන් තත්ත්වයක් පැවතියේ පළමු වරට බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේද දිනක් පුරා මෙවැනි තත්ත්වයක් වාර්තා වූ බව කී ප්‍රේමසිරි මහතා ඊට පෙර ද පැය කිහිපයක් මෙවැනි තත්ත්වයන් පැවති අවස්ථා වාර්තා වූ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය) වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසුවේ මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවයි.

යළිත් මෙවන් තත්ත්වයක් ඇතිවුවහොත් එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද අධ්‍යක්‍ෂවරයා කීවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ වායු දූෂණය හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවයි.

යළිත් ලබන 13 වැනිදා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව නිරීක්‍ෂණය වී ඇති බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධ අවධානයෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

එවන් තත්ත්වයක් යළි ඇතිවුවහොත් අදාළ අංශ නිකුත් උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් කඩුවෙල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (1)

කොළඹ වායුගෝලය සාමාන්‍ය තත්ත්වයට

sharm warn Friday, 08 November 2019 09:14 AM

මොනවා උනත් මේ රට පින්වන්ත බිමක් ..පවුකාරයෝ ඉපදුනාට මේ පොළොවේ ... ඉන්දියාවට බලපාපු තරම් අපිට නරක නොවුනේ දුපතක් වීමත් මුහුදට නිරාවරණය වීමත් නිසායි ඇතිවුන හදිසි කාලගුණ ආපදාව මෙතරම් ඉක්මනින් පහ වුනේ. නමුත් පව්කාර දේශපාලුවෝ ටිකකුයි ඒ අයව වන්දනා කරගෙන ඉන්න පුන්නක්කු කන ඡන්දදායකයෝ රොත්තකුයි ඉන්නකොට ඉතින් පින් බිමක් උනත් කනපිට හැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site