( තිළිණි ද සිල්වා )

එළැඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ කොළඹ 04, 05, 06, 07 සහ 08 , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ බව එම මණ්ඩලය කියා සිටී.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.