IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ - නුවර පාරේ මංතීරු දෙකෙන් එකක් හෙට වැසේ

(දසුන් රාජපක්ෂ)

කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැලණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් හෙට (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදුවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පොලිසිය සමඟ එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් ලෙස හෙට මෙම මංතීරුව වසා දැමෙන බව ඉදිකිරීම් කටයුතු භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර මහත්මිය සඳහන් කළාය.

මෙහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලූ වාහන සහ බස් රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකිය.

කන්ටේනර් හා ලොරි රථ ඇතුළු බරවාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ මීගමුව (A03) මාර්ගය භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.



අදහස් (3)

කොළඹ - නුවර පාරේ මංතීරු දෙකෙන් එකක් හෙට වැසේ

eresh S kumara Tuesday, 17 December 2019 04:02 AM

කොළඹ නුවර හයිවේ එක ඉක්මණින් හදන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි..

:       0       0

jayath Tuesday, 17 December 2019 04:03 AM

මේ කියන දේ තේරුම් ගන්න නම් අඩු ගණනේ 1008 වතාවක්වත් කියවන්න ඕනෑ..!

:       0       0

danuka abewardhana Tuesday, 17 December 2019 07:48 AM

දර්ශිකා ජයසේකර මහත්මිය මේවා කරන්න ඕනේ රාත්‍රී කාලයේදී. දිවා කාලයේ ආර්ථික කටයුතුවලට පාඩු කරලා නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site