IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කොළඹ නගර සීමාවේ සීමිත ගාස්තු මගී ප්‍රවාහන සේවාවක්

(ජයන්ත සමරකෝන්)

කොළඹ නගර සීමාව තුළ රුපියල් 20 ක සීමිත බස් ගාස්තුවක් යටතේ පොදු මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවකට කොළඹ මහ නගර සභාවේ අනුමැතිය පළ වී ඇත.

ඉකුත් ජුනි මාසයේ දී මහා සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාවට සභාවේ පූර්ණ අනුමැති හිමි වී ඇතැයි එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේය.

නගරයේ පවතින වාහන තදබදයත්, පෞද්ගලික වාහන නගරයට පැමිණීමත් අඩු කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (7)

කොළඹ නගර සීමාවේ සීමිත ගාස්තු මගී ප්‍රවාහන සේවාවක්

Mahinda Sunday, 29 September 2019 10:33 PM

ඉස්සර කොළ කවය කියලා එකක් තිබුණා... නාරාහේන්පිට, කොටුව, මරදානෙන් යනවා... අැස්වාට්ටුවෙන් එනවා..

:       0       8

M.h.nizamdeen Monday, 30 September 2019 02:12 AM

එය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම් හොඳ පියවරක්.

:       5       19

jayath Monday, 30 September 2019 05:03 AM

ඔතන ඉන්න දේශපාලන හාල්පාරුවන්ගේනුත්, පව්ඩර් බබාලගෙනුත් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුනේ ජේවීපී එකට විතරද?

:       250       501

jayath Monday, 30 September 2019 05:03 AM

ඔතන ඉන්න දේශපාලකයන්ගෙන් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුනේ ජේ.වී.පී. එකට විතරද?

:       119       139

jayath Monday, 30 September 2019 05:03 AM

ඔතන ඉන්න දේශපාලන හාල්පාරුවන්ගෙනුත්, පවුඩර් බබාලාගෙනුත් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුණේ ජේවීපී එකට විතරයිද?

:       109       29

himal Monday, 30 September 2019 09:47 AM

නව බස් දැම්මා කියලා මාර්ග තදබදය අඩු වෙන්නේ නෑ. තියෙන බස් වෙනුවට ඩබල් ඩෙකර් දානවා නම් තදබදය අඩු වෙන්න හැකියි.මොකද පාරේ යන පුද්ගලික වාහන වල මිනිස්සු එකම පාරේ යන්නේ නෑ. එතනින් එක එක පාරවල් වලට එක එක තැන්වලට හැරෙනවා.එකම වෙලාවේ ගියාට එකම වෙලාවේ ආපහු එන්නේ නෑ. ඒ වගේම ගිය තැනින් එන්නේ විවිධ ගමනාන්ත වලට. එතකොට බස් දාලා ඕක විසඳන්න බෑ. වෙන්නේ බස් එකේ යන මිනිස්සුම බස් වලට බෙදිලා යනවා. ඕන නම් ත්‍රීවීල් වල යනවා වෙනුවට යම් මට්ටමකට ඔය බස් වල යන්න හැකියි. ඒත් කාර්වල යන මනුස්සයට ඕක බස් එකේ යන්න හේතුවක් නෙවෙයි.

:       0       0

vipula Monday, 30 September 2019 10:57 AM

ගෙදර වාහනෙන් නගරයට ඇවිල්ලා එ්ක නවත්වන්න පහසුකම් දෙන්න. ඉන්පසු මොනෝරේල් හෝ තියෙන රේල් අලුතින් එක්කරන්න. මිනිසුන්ට කොළඹට අාවම කම්පැනියට එන්න ගේමක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site