IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක්

ජයන්ත සමරකෝන්

කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3  ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳ යෝජනාවක් නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මුදල් කාරක සභාවට යොමුකර ඇතැයි පැවසේ.

දිනපතා නගර සභාවට පැමිණෙන 2000 කට අධික සේවා ලාභීන්ගේ හා නගර සභාවට පැමිණෙන 2000 ක් පමණ වන සේවකයින්ගෙන් ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂක උපකරණය යන්ත්‍රය මිලදී ගැනීමට හේතු වී ඇතැයි ද එම යෝජනාවේ සඳහන් වේ.

ආරක්ෂක බලධාරීන් විසින් මෙම උපකර‍ෙවල අවශ්‍යතාවය පෙන්වාදී ඇතැයි ද කියති.

මේ පිළිබඳව නගරාධිපතිනියගෙන් විමසිමට උත්සහ දැරීමේ දී ඇය විදේශ ගතවී ඇති බව දැනගැනීමට හැකිවිය.



අදහස් (12)

කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක්

shan Wednesday, 12 June 2019 08:27 AM

මේ සා විශාල වියදම් කරන කමකට නැති වැඩ නොකර මේ මුදල යොදවා ආයතනයට එන සේවා ලාබීන් පිටතින් ගෙන එන බඩු බාහිර තබා යාමට හැකි කාර්යාලයක් ආයතනයෙන් පිටත පිහිටුවා හා සේවකයන්ට අනවශ්‍ය දේ ආයතනට නොගෙනෙන ලෙස දැනුම් දුන්නා නම් ඉවරයි මොකද මේක කර්මාන්ත ශාලාවක් හෝ තෙල් පිරිපදදුවක් නොවේ ආයතන ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර එය නොසැහෙනම් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් යොදවා ගැනීමට කිසිම ගැටළුවක් නැත අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මහජන මුදක් මංකොල්ල කන නිලධාරී හා පාලක පක්ෂය එය නිසි කලට දැනටත් ක්‍රියාවේ යොදවන්න මාන බලන බව හොදින් පැහැදිලියි......

:       33       350

MaheeWednesday, 12 June 2019 09:29 AM

ශාන්, අනේ එතකොට අපි කොමිස් කීයක්වත් හොයා ගන්නේ කොහොමද? අපි ගෙවන වරිපනම් සල්ලි ටිකට මොනවා හරි කරන්නත් එපායැ. මේකට වැයවෙන තිස් මිලියන හමාර මිලියන මොන සොච්චමක්ද?

:       0       41

Wimal Wednesday, 12 June 2019 08:42 AM

කොහාෙමත් දැන් වැවිලා නිසා ස්කෑන් කරන ඒක හොදයි...

:       0       61

Nuwan Wednesday, 12 June 2019 08:42 AM

ඔහෙලගේ ලොක්කන්ගේ වැඩ නිසා කෝටියක් සාමාන්‍ය ජනතාව මර බියේ ඉන්නේ.

:       0       74

jayasekara Wednesday, 12 June 2019 08:52 AM

අර ළමාතැනිට දිව පටලවගන්න නැතිව හරියට සංඛ්‍යා ටික කියවගන්න පුළුවන් විදියට යන්ත්‍රක් ගත්තනම් හරි.....කීය උනත් කමක් නැහැ මෙයා.....

:       0       45

සේන Wednesday, 12 June 2019 08:59 AM

ආරක්ෂක අංශවලට රාජකාරිය බාර දෙන්න කියන්න.

:       0       134

Amila Wednesday, 12 June 2019 09:35 AM

ලක්ෂ 80 වැසිකිළි මදිවට කෝටි ගණන් ආරක්ෂක උපකරණ... කොළඹ බදුමුදල් මේ ආකාරයකට අවභාවිතා කරමින් මැයගේ ගසාකෑම්වලට එරෙහිව කොළඹ ජනයා නීතිය ඉදිරියට යා යුතුය.

:       56       178

akila Wednesday, 12 June 2019 09:42 AM

මැඩම් ඔතනට පත් වෙච්චි දවසේ ඉඳන් වියදම් කරන්නේ හරියට ලංකාව ලෝකේ පෝසත්ම රට වගේ

:       51       152

himal Wednesday, 12 June 2019 09:50 AM

මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන් වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි.

:       142       2

himal Wednesday, 12 June 2019 09:50 AM

මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන්වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටිනා මුස්ලිම් ජනගහනය හා රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි...

:       195       5

himal Wednesday, 12 June 2019 09:50 AM

මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන්වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටිනා මුස්ලිම් ජනගහනය හා රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි.

:       87       36

Bamunuarachchi Wednesday, 12 June 2019 10:01 AM

අතිගරු කාදිනල්තුමා කීව කොමිස් කොමිස් තමයි වැඩකරන්නේ. ටෙන්ඩර් දැම්මත් ටෙන්ඩරයේ කොමිස් ගාන ඇතුලත් වෙලා.

:       47       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site