(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
ඒ අනුව අද (9) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 200 ක් සිදුකළ බවද, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.
කොළඹ නගරයේ ඇගලුම් කම්හල්වල අඛණ්ඩව මෙම පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට තීරණය කර ඇතැයි ද කීය.
අහඹු ලෙස තෝරාගන්නා ස්ථානවල සේවකයින් මේ අනුව පිසිආර් පරීක්ෂණ වලට යොමුකර වාර්තා ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ නගර සභා සේවකයින් 402 කගෙන් ඉකුත් දා ලබාගත් පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් ලැබී නැතැයි ද ඔහු කීවේය.
COMMENTS
මරදාන මරියකඩේ පැත්ත pcr පරීක්ෂණයක් කළානම් හොඳයි... මුහුණු ආවරණ නැතුවයි ගොඩක් අය ඉන්නේ...
මේක රට නැවත් විවෘත කරපු වෙලාවේ ඉඳලා කළා නම් මේ තියෙන තත්වේ ගොඩක් දුරට අඩුකරගන්න තිබ්බා. විශේෂයෙන්ම දුම්රිය ස්ථානවලදී වගේ. දවසට 1000ක් දිගටම කළා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා.
මේක වසරේ හොඳම විහිළුව..කොළඹ ජනතාවටම මේ වනතෙක් කරඇත්තේ පරීක්ෂණ 200කි. කොවිඩ් රෝගීන්ගේ සොයාගැනීමේ සම්භාවිතාවය ගණනය කරබලන්න. එය 0.00001ක් පමණ වේ.
කොහොමවත් මදි...
අනේ මහත්තයෝ ඔය පරීක්ෂණ 200 කොළඹ ජාතික රෝහලේ වුණා. කැස්ස රෝගීන් ඉන්න වාට්ටුවක කරානම් කොරෝනා කී දෙනෙක් අහුවෙනවද? ලෙඩ්ඩුන්ගේ කරන්නේ නැතිව, නිරෝගි අයගේ කරලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?