IMG-LOGO

කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට

විනීතා එම් ගමගේ

 

කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ අවට පවත්නා තෙත්  බිම් මඟින් සිදුවන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැළකිල්ලට ගෙන මෙසේ කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇති බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා ලංකාදීපය පැවැසීය.

රැම්සා සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප‍්‍රකාශයට පත් කොට ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම්  නගර ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

චීනයේ නගර 6ක් ද, ප‍්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්, හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත් බිම් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ, කොළොන්නාව නගර සභා ප‍්‍රදේශයේ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ප‍්‍රදේශයේ ඇති තෙත් බිම් සැළකිල්ලට ගෙන මෙසේ තෙත් බිම් නගරයක් බවට ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති  බව ද අමරරත්න මහතා  කීය.

කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමේ දී නාගරික තෙත්  බිම් නගරයක් බව සැළකිල්ලට ගනිමින් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවන පරිදි සැලසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඉදිරියේ දී පරිසර  හිතකාමී කි‍්‍රයාකාරකම් තුළින් කොළඹ සුවිශේෂී සංචාරක පුරවරයක් බවට පත්කළ හැකි බව ද අමරරත්න මහතා තව දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 10 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2156 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 666 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site