
(නිමල කොඩිතුවක්කු)
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් රුපියල් 60ක සහන මිලට පොල් බෙදා හැරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දේශිය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මෙයට අමතරව හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රු. 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල වෙළද පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබූ අතර පාරිභෝගිකයින් සඳහා සහන මිලට පොල් මිලදී ගැනීමට මින් ඉදිරියට හැකියාවලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
374
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ අවට රුපියල් 60 ට පොල් විකුණන්න යයි
Du Wednesday, 23 September 2020 08:34 AM
කොළඹ අයට විතරද අමාරුව? අපි ඔටුවෝද?
BamunuarachchiSaturday, 26 September 2020 03:36 AM
යහපාලනේ තිබුණා නම් ඔටුවෝ තමයි.. ඒ කාලේ රට පාලනය කළේ ඔටුවෝ තමයි.
wedage Wednesday, 23 September 2020 10:28 AM
විකුණන්න යනවා මිසක් විකුණන්න පොල් නැහැ.
Nandalal DE SILVA - France Wednesday, 23 September 2020 12:54 PM
එළොව පොල්ද, ලාබෙට විකුණන්න වලිකන්නේ...? ඕකත් අර වී, සහල් මුට්ට හංගගෙන ඉන්නවද කියලා බලන්න. ජනාධිපතිවරයාට හමුදාව හෝ පොල් ඇමතිවරයාව යවන්න බැරිද? මගේ සීයා දැන් පොල් සම්බෝල කන්නේ. තේ හැන්දෙන් බෙදාගෙන !!!
විජේ Thursday, 24 September 2020 04:40 AM
ඔන්න විපක්ෂයට සටන් පාටයක්, "කොලබට පොල් අපිට පැපොල්"
Bamunuarachchi Saturday, 26 September 2020 03:34 AM
තිබෙන පොල්වතු කැබලිකර විකුණුවේ රටේ මිනිස්සු ඒ බිම්කොටස් මිලට ගෙන එක පොල්ගහක්වත් ඉතුරුකර නොගෙන පොල්ගස් ටික කපලා ගෙවල් හදාගෙන දැන් පොල්මිල ගැන ආණ්ඩුවට දොස් කියනවා. මොකද යහපාලන ආණ්ඩුව තිබුණා කියලා පොල්ගස්වල පොල් වැඩිවෙනවද?