
(ජයන්ත සමරකෝන්)
කළුතර බන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එහි බී-6 දරන සිර වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සිය බාරයට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.
බී-6 සිර වාට්ටුවේ බිත්ති තුළ මෙම ජංගම දුරකතන සඟවා තිබී ඇත.
නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් තහනම් භාණ්ඩ මෙම බන්ධනාගාරය තුළට ගෙනඒම සෑහෙන දුරකට පාලනය වී ඇතැයි වාර්තා වේ.
විටින්විට බන්ධනාගාරය පිටුපස ආරක්ෂිත තාප්පයෙන් වීසිකරන තහනම් භාණ්ඩ හැරුණුවිට වෙනත් ආකාරයකින් ඒවා ලැබෙන්නට ඉඩකඩක් නැතැයිද දැනගන්නට තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ නවතම වැඩපිළිවෙළ යටතේ මෙම අඛණ්ඩ වැටලීම් සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කළුතර බන්ධනාගාරයේ සිර වාට්ටුවකින් ජංගම දුරකතන හමුවෙයි