
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් කළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
එම පාර්සලයේ හෙරෝයින් ග්‍රෑම් 8 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500 ක්, ගංජා ග්‍රෑම් 4 ක්, දුම්කොළ 15 ක් සහ දුරකථන සිම්පතක් තිබූ බවත් එම ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා උතුරු කළුතර පොලිසියට බාරදුන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

COMMENTS