(යොහාන් භාසුර)

කළුතර බන්ධනාගාරයේ 'ඩී' අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබී තහනම් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය  මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම පාර්ශවය තුළ මත් කරල් 20 ක්,  මත් පෙති 10 ක්, ජංගම දුරකතන  2 ක්, ජංගම දුරකතන චාජර් 2 ක්, සිමිපත් 2 ක් සහ දුමිකොළ 10ක් සොයාගත් බවත් මෙම මත්ද්‍රව්‍ය  හා තහනමි ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කළ බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.