(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම,මතුගම ,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00  රාත්‍රි 7.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු පි.එච්. අජිත් මහතා පවසයි.

ප්‍රාදේශීය මට්ටමින් සිදු කෙරෙන අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කටයුත්තක් හේතුවෙන්  බෙන්තොට, අලුත්ගම,දර්ගා නගරය,කළුවාමෝදර,මොරගල්ල,බේරුවල,මග්ගොන,පයාගල , කළුතර උතුර දකුණ, බෝඹුවල, පිලමිනා වත්ත , වස්කඩුව ,වාද්දුව යන ප්‍රදේශවල මෙම පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.