(නිමන්ති රණසිංහ)
කොරෝනා අවධානම් තත්තවයක් නිසා කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් අද (09 ) උදෑසන 6 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම දිස්ත්‍රික්ක දෙකකට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .
කළුතර දිස්ත්‍රිකයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම සේවා වසමේ පිඹුර කොටස හුදකලා කර ඇත.
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයිමන්නාරම පොලිස් බලප්‍රදේශයේ, තලෙයිමැනා ජැටිය බටහිර සහ තලෙයිමැනා ජැටියා නැගෙනහිර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ, හිඟුල් ඔය සහ මහවත්ත යන ප්‍රදේශ එලෙස හුදකලා බවින් මුදා හැර ඇත .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.