IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොහුවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(එච්.එච් ධර්මපාල)

කොහුවල ජම්බුගස්මුල්ල මාවතේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා අවන්හල් හිමියෙකු ඝාතනය කර පලා ගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය.

මින් එක් සැකකරුවෙකු අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට හා වෙඩි තැබීම සිදුකළ සැකකරුට අපරාධය සිදුකර පලායාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද අනෙක් සැකකරු අංක තහඩු නොමැති යතුරු පැදියකින් අපරාධකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන්ට පලා යාමට ආධාර අනුබල ලබාදුන් සැකකරු 39 හැවිරිදි දෙල්කද ප්‍රදේශයේ පදිංචි කෝට්ටේ නගර සභාවේ සේවය කරන අයෙකු බව පොලිසිය පැවැසීය.

යතුරු පැදිය ලබා දුන් සැකකරු එම යතුරු පැදිය ඔහුට අයත් එකක් නොවන බවත් එය යුද හමුදා නිලධාරියෙකු මුදල් හදිසියකට සැකකරුට උගසට තැබු එකක් බවත් එහි එන්ජින් අංකට සහ චැසි අංකය නොතිබූ බවත් පොලිසිය කීය.

පලා ගිය ප්‍රධාන සැකකරු 43 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් මොහු හෙරොයින් ජාවාරමේ නිරත වූ අයෙකු බවත් බැංකු මංකොල්ලකෑම් වැනි අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත් මෙම සිද්ධියෙන් පසු මොහු ඩුබායි රටට පලා ගොස් ඇති බවත් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 38 හැවිරිදි අයෙකු බවත් මොහු අවන්හල් කිහිපයක හිමිකරුවෙකු බවත් නුගේගොඩ ප්‍රදේශයේ අවන්හලක් විවෘත කිරීමට සැලසුම් කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇතැයි පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පැවැසීය.

 

 



අදහස් (1)

කොහුවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මුණසිංහ Thursday, 01 August 2019 02:11 AM

මේ ගැන රංජන්ගෙන් ඇහුවහම එයා නිකන් අමුතු විදියට හිනාවෙලා කණගාටු වුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site