







(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහ නගර සභාව ආරම්භ කර ඇති කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ යටතේ කසළ අංගනයේ දිනකට ටොන් 100 ක් ලබාගෙන කාබනික පොහොර ටොන් 34 ක් නිපදවීමේ කාර්ය සාර්ථක වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් , මහ දිසාපති එස්.එම්.ජී.කේ. පෙරේරා පැවසීය.
පොලොන්නරුව, අනුරාධපුර, අකුරණ ,ගම්පොළ, ඇළහැර, බකමූණ, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ආදී දුර බැහැර ප්‍රදේශවල එකතුවන කැළි කසළ පවා දඹුල්ල කසළ අංගනයට රැගෙන විත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කර කාබනික පොහොර නිපදවීම සිදු කරමින් පවතී.
දඹුල්ල නගරයෙන් ඉවත් කෙරෙන කැළි කසළ, එළවළු දිගම්පතහ රක්ෂිතයට ගෙනැවිත් දැමීමෙන් දැඩි පාරිසරික හානි මතුවූ අතර එය ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරිමෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මැදිහත්ව ජපානයේ සහයෝගය ඇතිව මෙම කසළ අංගනය නිර්මාණය කර තිබේ.
මේ භූමියේ ඇති අයිතිය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර දඹුල්ල මහ නගර සභාවට පවරා දීමේ වැඩපිළිවෙළක් සාකච්ඡා කරන බව මාතලේ මහ දිසාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය ආරක්ෂාව වෙනුවෙන් ඔබලා ලබාදෙන දායකත්වය අප ඉහළින්ම අගය කරන්නෙමු.. ඒ සඳහා සහභාගි වන සැමට යහපතක්ම වේවා...!!! සියලු කටයුතු සාර්ථක වේවා..!!!!
හොඳ අනාගතයක් තියෙන කර්මාන්තයක්... අපෙන් සුබපැතුම්...
මේ ශ්‍රේෂ්ඨ කාර්යය ඉතා ඉහළින් අගය කොට සලකනවා.
මොකද මෙතන අලි ඉන්න පින්තූරයක් දාලා තියෙන්නේ..? අලි දාලාද මේ පොහොර හදන්නේ..?
සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි කර්මාන්ත ශාලාවක් පටන්ගන්නවා නම් කුණු ප්‍රශ්නය, පෝර ප්‍රශ්නය, පරිසර දූෂණය වීම ආදී ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබී කීප දෙනෙකුට රැකියා ලබාදෙන්නත් පුළුවන්..