IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ

(විනීතා එම්. ගමගේ)
     
කසළ ගොඩ ගැසීමෙන් ඇතිවූ කෘතිම කඳු 150ක් දිවයින පුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
 
උපාලි ඉන්ද්‍රරත්න මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දීය.
     
මේ වනවිට දිරා නොයන හා ප‍්‍රතිචක‍්‍රීකරණය නොහැකි කසළ මෙට්‍රික් ටොන් 500 කට ආසන්න ප‍්‍රමාණයක් දිනපතා රට තුළ ගොඩ ගැසෙන බව ද හෙතෙම සඳහන් කළේය.
     
නිරන්තර කසළ කඳු වැඩිවෙමින් පවතින අතර ඒවායින් කඳු 5ක් හෝ 6ක් සෑම වසරක් තුළදීම ගිනි ගන්නා බවද ඉන්ද්‍රරත්න මහතා ප‍්‍රකාශ කළේය.
     
දෛනිකව නාගරික කසළ මෙට්‍රික් ටොන් 10,000ක් එකතු වන අතර එයින් 700 ක් පමණ පොලිතින් හා ප්ලාස්ටික් බව ද ඉන්ද්‍රරත්න මහතා පෙන්වා දුන්නේය. තවත් මෙට්‍රික් ටොන් 100 ක් පමණ ප‍්‍රතිචක‍්‍රීකරන්නන් එකතු කරන බවත් මුහුදු ජලයට මෙට්‍රික් ටොන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් එකතු වූ පසු තවත් ඉතිරි ප‍්‍රමාණය පොළවේ රැඳෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
     
ජල තලයේ වන විනාශය මෙන් පස්ගුණයක විනාශයක් පොළව මත සිදුවන බව පැවසූ ඉන්ද්‍රරත්න මහතා මේ තත්ත්වය 2050 වසර වනවිට ඉතා නරක තැනකට එනු ඇති බව ද කියා සිටියේය.
     
එක්වරක්  පමණක් භාවිත කරන පොලිතින් ප්ලාස්ටික් භාවිතා කිරීම නැවැත්වීම මෙසේ එක් වන කසල ප‍්‍රමාණය අවම කර ගැනීමට ඉතා පහසු ක‍්‍රමයක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සමාජයේ සියලූ දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද පැවැසීය.



අදහස් (0)

කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site