IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාසල්රි - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති .

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම කදුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙන බවත් තව දුරටත් වැසි සහිත කාලගුණය පැවතියහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත්, විමලසුරේන්ද්‍ර, කැනියෝන්.ලක්ෂපාන , නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජල විදුලිය බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ජලාශ දෙකෙනි.

විමලසුරේන්ද්‍ර ජලාශයද පිටාර ගලමින් පවතින අතර පවතින වර්ෂාව නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එහි ජලය පරිහරණය කරන ජනතාව සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 



අදහස් (0)

කාසල්රි - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site