
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනී පෙට්ටි සාදන මුවාවෙන් මහාපරිමාණයෙන් කසිප්පු පෙරීමේ ජාවාරමක නිරත වූ පානදුර පමුණුගම මිනී පෙට්ටි සාදන ස්ථානයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය කියයි.
සැකකරු සමඟ මිලිලීටර් 16000 ක් පමණ අඩංගු ගෝඩා පිරවු බැරල් 8 ක් ,කසිප්පු බෝතල් පහක් ,ගෑස් සිලින්ඩරයක්, ගෑස් ලිපක් ඇතුළු පෙරීමේ උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත .
පමුණුගම මිනී පෙට්ටි සාදන ස්ථානයේ හිමිකරු කසිප්පු පෙරා මිනී පෙට්ටි තුළ සඟවා ජාවාරමේ යෙදෙන බවට අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලා සිදු කළ පරික්ෂාවේදී මිනී පෙට්ටි සාදන ස්ථානයේ හරි මැදට වන්නට භූගතව තනන ලද බංකරයක් තුළ ගෝඩා පිර වූ බැරල් සහ අනෙකුත් උපකරණ ගබඩා කර තිබූ බව පොලිසිය කියයි.
පිටත සිට බලන්නෙකුට එම ස්ථානයේ නිසි අයුරින් අවධානය නොවන අයුරින් ඒ මතක් මිනි පෙට්ටි සහ දැනට ලෑලි අසුරා තිබූ බව කිරීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය .
සැකකරු පෙරන ලද කසිප්පු මිනි පෙට්ටි ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ ගබඩා කර විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කර ඇතැයිද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි . 32 හැවිරිදි සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිරෝෂන් ධර්මරත්න මහතාගේ උපදෙස් මත අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ .
2025 දෙසැම්බර් මස 04
428
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසිප්පු පෙරූ මිනී පෙට්ටි සාප්පුකරුට වැඩවරදී