(දයාසීලි ලියනගේ)

වයස අවුරුදු 60ට වැඩි 50,000ක පිරිසක් තවමත් කිසිදු කොරෝන එන්නතක් ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මගින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි.

කොරෝනා රෝගයෙන් මිය යන අයගේ බහුතරය වැඩිහිටියන් වී ඇති නිසා මේ පිරිස අනිවාර්යයෙන් ම පළමු හා දෙවන එන්නත් බූස්ටර් එන්නත් ලබා ගත යුතු බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.