(ඉන්දිකා රාමනායක)
මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් අයුතු යෝජනා කළ බව කියන පුද්ගලයෙකු අද (23) මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි නාවික භටයකු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර කොස්තාපල්වරියන් කිහිපදෙනකුටම මධ්‍යම රාත්‍රී කාලයේ දුරකතනයෙන් ලිංගික යෝජනා සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තාකර දුරකතන අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමේ දී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව මෙම සැකකරු ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
මෙම සැකකරුගේ පෙම්වතිය නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරියක් බවත් සැකකරු ඇය හමුවු අවස්ථාවල ඇගේ ජංගම දුරකතන පරීක්ෂා කර එහි ගබඩා කර ඇති ඇගේ මිතුරු කොස්තාපල්වරියන්ගේ අංක ඔහු සටහන් කරගෙන පසුව ඔවුන්ට මෙම ඇමැතුම් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරු අද (24) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඡන්දයක් එන නිසාත් රණවිරුවන් සහ ජාතික ආරක්ෂාව විකිණීම ආරම්භවී ඇති නිසාත් මේ සිදුවීම අල්ලාගෙන "මෙන්න මෙන්න තවත් රණවිරුවෙක් දංගෙඩියට ගෙනියන්න හදනවෝ " කියලා කෑගහයිද දන්නේ නැහැ.
වෙන අයට තමන්ගේ දුරකථනය පරීක්ෂා කිරීමට දෙන්න තරම් මේ කොස්තාපල්වරිය මෝඩ වුයේ කෙසේද?
මේකෙන් පේන්නෙ සමාජයේ ඔඩු දිවා ඇති බරපතල ප්‍රශ්නයක්. මේ වගේ පුද්ගලයන් නිසා බස්වල කෝච්චිවල යන වයස් ගත කාන්තාවන් පවා ලිංගික හිංසනයට ලක්වන බව දිගින් දිගටම වාර්තා වුනා. විහාර මහා දේවි උයනට ගිහින් බලන්න. පුදුම කාම රෝගීන් පිරිසක් එතෙන්ට එනවා. ඔවුන් ඉන්නේ ප්‍රසිද්ධ ස්ථානයක කියලවත් මතක නෑ. අපේ සමාජ ශෝධක බලධාරීන් මොනවද කරන්නේ. හැමදාම කාන්තා හිංසනය, ගෘහ ප්‍රචණ්ඩත්වය ගැන දොඩවනවා. කරන දෙයක් නම් නෑ.
නීතිය ක්‍රියාත්මක කරන වගකිවයුතු නාවික හමුදා භටයෙක් මෙහෙම නම් හිතාගන්න පුලුවන් නේද වෙන ක්ෂේත්‍රවල මේ ප්‍රශ්නය කොහොම ඔඩුදුවලා තියෙනවාද කියලා... අනික නීති මීට වඩා ශක්තිමත් වෙන්න ඕනෑ....
ඕක මානසික රෝගයක්... මානසික වෛද්‍යවරයෙක්ට යොමු කරන්න.
රණවිරුවාණෙනි, බිය නොවන්න 17 උදේ ඔබව නිදොස් කර නිදහස් කරනු ලැබේ..
ඕක අතඇරලා දාන්න. ඉදිරියේ හමුදාවට සම්බන්ධ අය චෝදනා වලින් නිදහස් වේ. ඕවා වැරදි නොවේ..
ආරක්ෂක අංශයේත් ඉන්නේ අසහනකාරයන් තමයි.
නම්බර් එක බ්ලොක් කළානම් හරිනේ. දැන් පලයන්කෝ උසාවි. ගිහින් දීපන්කෝ සාක්කි. පෙරකදෝරුවෝ පොහොසත් වෙන මෝඩ වැඩ ඕවා.
බොත්තමක් ඔබලා ඕනෙ කෙනෙක් හොයාගන්න පුළුවන් වගේම ඕනෙ නැති කෙනෙකුගෙන් ඉවත් වෙන්නත් පුළුවන් බව මේ අය නොදැන සිටියාද?