ඔගස්ටින් ප්‍රනාන්දු
ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14) නියෝග කළේය.
ඔහුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ට කල් තැබිණි.
මෙසේ ඇප නියම වුයේ කුරුණෑගල පාරේ සේදවත්තේ පදිංචි වලිමුණි මැන්ඩිස් අබේසේකර ඉශාන් චතුරංග ( 26 ) නමැති අයටය.
ඇපයන්ට අමතරව සෑම ඉරූ දිනයකම හලාවත පොලිසියට වාර්තා කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළේය.
මෙම සිද්ධියේ දි තුවාල ලද කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ ඊලග වතාවේ මහා ඡන්දෙන් පාර්ලිමේන්තු යයි. දැන් සුදුසුකම් සපුරලා ඉවරයිනේ ..
මේක මොකද්ද? මිනී මරුවො, හොරු, ස්ත්‍රී දූෂකයො, ත්‍රස්තවාදීන්, සේරම ඇප පිට එළියේ...