(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර සර්වෝදය මාවතේ නිවසක මත්කුඩු පානය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්වරයාගේ අත තියුණු ආයුධයකින් ඇන තුවාල කර සැකකරු පලා ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.
බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඔබේසේකරපුර සර්වෝදය මාවතේ නිවසක් තුළ පුද්ගලයෙකු මත්කුඩු පානය කරන බවට වැලිකඩ පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය හා වැටලීම් ඒකකයේ සැරයන්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවස සොයා ගොස් ඇතැයි පොලිසිය කියයි.
එහිදී පොලිස් කණ්ඩායමේ සෙසු නිලධාරීන් එම නිවස ආසන්නයේ රැකවල්ලා සිටියදී තුවාල ලද කොස්තාපල්වරයා නිවස තුලට ගොස් සැකකරු අල්ලා ගැනීමට කළ උත්සහයේදී සැකකරු පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් කොස්තාපල්වරයා සමඟ පොරබදා ඇතැයි පොලිසිය කියයි.
එකවරම සැකකරු ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධයක් ගෙන කොස්තාපල්වරයාගේ වම් අතෙහි අල්ල හා ඇගිලි කිහිපයක් කැපී යන ලෙස පහර දී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ සැකකරුට පලායාමට අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
359
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්තාපල්ට පිහියෙන් ඇන සැකකරු පලා යයි
nandana Wednesday, 29 May 2019 02:07 PM
මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගන්නට යාමේදී අවම වශයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙක්වත් යා යුතුයි. සැකකරු පොලිස් නිලධාරියට පහරදීමට තැත් කලොත්, එවැනි සැකකරුවෙකුට වෙඩි තැබීමට පොලිසියට බලය තිබිය යුතුයි.
RaveendraWednesday, 29 May 2019 03:07 PM
නන්දන මයාවෙත. ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙවන් කාලකන්නින් සමාජයෙන් තුරන් කළයුතු බව අපේ හැඟීමයි. එය සමාජයට කරන මහඟු සේවයකි.