IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොස්ගම රෝහලේ යකා නැටූ 11 දෙනාට ඇප

(කේ.බුද්ධික කුමාරසිරි සහ සෝමසිරි හිගුරලආරච්චි)

කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය.

සැකකරුවන් නීතිඥවරු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර වරද පිළි ගැනීම හේතුවෙන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

මහේස්ත්‍රාත්වරියගෙන් සැකකරුවන් 11 දෙනා කොස්ගම රෝහලේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කිරීමක් සිදු කර ඇති බැවින් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස කොස්ගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්තාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සැකකරුවන් වෙනුවෙන් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් සැකකරුවන් අතින් සිදු වූ වරද පිළි ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමාව ඉල්ලා සිටින බවත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සියලු කරුණු සලකා බලා සැකකරුවන් රුපියල් 50,000 ශරීර ඇප මත මුදා හැරීමට කටයුතු කරන මුත් පැමිණිලිකරුවන්ට යම් ආකාරයේ බලපෑම් සිදු කළ හොත් ඇප කොන්දේසි ඉවත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බව අප්‍රේල් මස 05 වැනි දින නැවත අධිකරනයේ පෙනී සිටින ලෙසත්  මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය නියෝග කළාය.

 

 



අදහස් (2)

කොස්ගම රෝහලේ යකා නැටූ 11 දෙනාට ඇප

මුණසිංහ Saturday, 08 February 2020 12:53 AM

පැහැදිලිවම රාජකාරියට බාධා කිරිමක්! එය බරපතල වරදක්. දැඩි දඬුවම් දියයුතු වෙනවා.

:       0       13

Appuhami Saturday, 08 February 2020 03:37 PM

ඔය රෝහලේ කාර්යය මණ්ඩලය අවට පදිංචි අය. එයාලා එතන ගෙදර කරගෙන. බේත් ගන්න එය අයට හරියට බනිනවා. එතන රයාලගේ තනි බඋදලයක් කරගෙන තියෙන්නේ. සමහරු අත්සන් කරලා ගෙදර යනවා ළමයි බලාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site