IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොස්ගම රෝහලේ යකා නැටූ 11දෙනෙකු අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)
 
කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, එහි ගිලන්රථ රියදුරුට සහ සහායකවරයාට පහරදී රෝහලට රැගෙන ආ මළ සිරුරක් බලහත්කාරයෙන් වෙනත් රෝහලකට ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අද (07) සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
 
කොස්ගම හෝටලයක කාර්ය මණ්ඩලය සඳහා පැවැති භෝජන සංග‍්‍රහයක් අතරතුරදී ඊට සහභාගී වූ නිලධාරියෙකු හදිසියේ රෝගී වී සාලාව රෝහලට ඇතුළත් කර තිබිණි. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු මිය ගොස් ඇතැයි රෝහලට ආ ඔහුගේ සගයන් පිරිසට පවසා ඇතත් ඔවුන් එය පිළි නොගෙන ඇති බවද පොලිසිය පවසයි.
 
පසුව එම පිරිස රෝගියා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යා යුතු බවට රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නද මිය ගිය අයෙකුගේ සිරුරක් එලෙස රැගෙන ගිය නොහැකි බවත් ඒ සඳහා යම් ක‍්‍රමවේදයක් පවතින බවත් කාර්ය මණ්ඩලය එම පිරිසට පවසා ඇත.
 
ඉන්පසු එම පිරිස මෙසේ කලහකාරී ලෙස හැසිරුණු බව විමර්ශනයේදි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරුන්ද පවසා ඇත්තේ එම පුද්ගලයා මිය ගොස් ඇති බවය.
 
 සාලාව රෝහලේ කාර්ය මණ්ඩලය මෙම සිද්ධිය පාදක කරගනිමින් වැඩ වර්ජනයකට සූදානම් වූ අවස්ථාවේදී කොස්ගම පොලිසිය මැදිහත්ව නීතිය කි‍්‍රයාත්මක කරන බව පවසා එය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
 
ඒ අනුව හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර සංග‍්‍රහයට සහභාගී වූ පිරිස හඳුනා ගැනීමෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කොස්ගම රෝහලේ යකා නැටූ 11දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site