මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ අඩු නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර නීති සහ තත්ත්ව උල්ලංඝණය කරන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු කළ නොහැකි බවත් එම සංවිධානය කියයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම කරුණු සඳහන් කර ඇත. “ශ්‍රී ලංකාව : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම නවතා දමන්න” යනුවෙන් එම වාර්තාව නම් කර තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති රටවල තත්ත්වය දෙස බැලීමේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ නැවැත්වීමට උපකාරී නොවන බව පෙනී ගොස් ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අසාධාරණ නඩු විභාගවලින් සුළු ජාතික ජන කොටස් සහ අඩු, අවවරප්‍රසාදිත සහ ප්‍රතිලාභ නොලත් පහළ සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව පීඩාවට පත්වීමේ අවදානමක් ඇති බවත් එම සංවිධානය පෙන්වාදෙයි.
“මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධ අඩු වෙන්නේ නැහැ. මරණ දඬුවම විසඳුමක් නෙමෙයි. එසේ වුවත් අසාධාරණ නඩු විභාගවලින් අහිංසක මිනිසුන් පීඩාවට පත්වීමේ අවස්ථාවක් තිබෙනවා. ප්‍රතිලාභ නොලත් අඩු සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව වින්දිතයන් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායක් සඳහන් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ මැඬලීමට හේතුවක් නොවන බවත් මරණ දඬුවම තහනම් කිරීමෙන් අපරාධ වැඩි වී නොමැති බවත් සංඛ්‍යා දත්තවලින් පෙනී යන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. කලින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ එහෙත් පසුව මරණ දඬුවම අහෝසි කළ රටවල සංඛ්‍යා දත්ත සැලකීමේදී මරණ දඬුවම අහෝසි කිරීම අපරාධ වැඩි වීමට හේතු වී නැතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
055
COMMENTS
අපට නම් වැඩක් නැහැ තුවාලේ තියෙන්නේ අපේ ඇගේ. ඉතින් වේදනාව දැනෙන්නේ අපිට. ඔයාලට නොවේ. ඉතින් තමන්ගේ වැඩක් බලාගන්න. ඔයාලා මෙහෙම යෝජනාවක් ගෙනාවා නම් සියලුම රටවැසියා එකහෙලා කැමති වෙනවා. බැරිද ඕගොල්ලොන්ට මේ අපේ තුවාලේ ඇගේ තියාගෙන අපි වෙනුවෙන් ඒ වේදනාව විදින්න? සරලව කියනවා නම් ඔය මරණෙට නියම වෙලා තියෙන විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරයෝ තමන්ගේ රටවලට අරගෙන ගිහින් පුරවැසිභාවය දීලා එහෙම පදිංචි කර ගන්න. අපි එක පයින් කැමති මොකද කියන්නේ වැඩේට කැමතිද?
මරණ දඩුවම ගේනවා නම් එම දඩුවම නියම වී ඇති සියලු දෙනාට එය කල යුතුයි. එසේ නැතිව ජනපතිට උවමනා අය පමණක් එල්ලා මැරීමට විරුද්ධ විය යුතුයි.
මේ එකෙක් මරණ එකේ ආදීනව කියන්න සංවිධාන එමටයි. නමුත් ඒ එකා තව දහස් ගණනක් මරා දන එක ගැන කියන්න එක සංවිධානයක්වත් නැහැ.
කෝ ඉතින් ඕක ඔප්පු කරලම පෙන්නමුකෝ බලන්න. ඕක පිටිපස්සේත් අර "විධායක ජනාධිපති ක්‍රමය එපා" කියන සෙට් එකත් ඉන්නවද?
ලොව සමහර බලගතු රටවල් ගුවනින් මිසයිල යවා කරනු ලබන මරණ දඬුවම් වලට මේ අය නිහඬයි. ඒවා ගැන කිසි කතාවක් ඇත්තේම නැහැ. අපේ රටේ ඒවාට පමණක් ඔය බොරු කතා ඕනේ නැහැ. වරදට දඬුවම අවශ්‍යමයි. නැතුව රටක් හෝ මිනිහෙකු හදන්නට බැහැ. ඒ නිසා කුඩු හා පාතාල වැඩ වලට නිසි දඬුවම් අත්‍යාවශ්‍ය අපට අපේ රටේ නීතිය හා අධිකරණය තියෙනවා. ඒවා අපට ප්‍රමාණවත්. අපට පිටස්තර අයගේ අන්තගාමී උපදෙස් අවශ්‍ය නොවේ.
නොමරා මරණ දඬුවම් දියහැකි සිරගෙයක් නගරයෙන් පිට ඉදිකොට මොවුන් රඳවා තබන්නේ නම් හැමෝටම ඇහුම්කන් දුන්නා ලෙස එය පෙන්විය හැක.
මේ අය මේවා සිංගප්පූරුවට නොකියන්නේ වර්ග කිලෝමීටර් 721 ක කුඩා රටක් වුනත් ආර්ථිකය බලවත්නේ...
කුඩු සල්ලි වලට කරන සංවිධාන කෝ මුන් කතා කරනවද අපරාද ගෙන අපරාද අඩුකරන්න සහයෝගය දුන්නනම් දඩුවම් අඩුවෙනවනේ මුන්ගේ..... කතන්දර වැඩක් නෑ අපේ රටේ ගෙනියන වැඩ පිළිවෙලට ඇත දන්නා....
මේ අයට අහුවෙන කුඩු වලින් ටික ටික බොන්න දෙමු .මොකද අපේ දරුවන්ට කුඩු පොවපුවහම ,ඒවාට ඇබ්බැහි කරපුවහම ඒ දරුවන්ගේ පවුල් වලට දැනෙන වේදනාව මොවුන්ටත් මොවුන්ගේ පවුල් වලටත් දැනෙන්න ඕනේ
අනේ ඇත්තට, කවුද ඔයාලගෙන් ඇහුවේ? නිකන් ණයට කහින්නේ නැතුව ඉන්න මහත්තයෝ.
මේ වගේ ලොකු ලොකු සංවිධාන වලට ආදාර දෙන්නේ කවුද කියලා හොයල බැලුවොත් ලෝක ප්‍රසිද්ධ කුඩු ලොක්කෝ ඇති
මරණ දඬුවම ගෙන් ආ පමණින් මත් කුඩු ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. මරණ දඬුවම තිබෙන රටවල අපරාධ අඩු බවට සාක්ෂි ඇත්තෙත් නැහැ. අපරාධ වලට දඬුවම් තිබිය යුතු නමුත් මරා දැමීම පිළිගත නොහැකි දෙයක්. වෛරයකින් කිසිදා යහපතක් නොවෙයි.
මේ සංවිධානේ දුවන්නේ කුඩු සල්ලි වලින්ද, නැත්නම් මේකේ අයිතිකාරයා, කුඩු ව්‍යාපාරිකයෙක්ද...මුන් කැමති නෑ මේ වගේ ව්‍යාපාර නවතිනවට...
මේ අය කුඩු වලින් වන ආදීනව ගැන දන්නේ නැතුව ඇති.
දැන් ද ඇස් ඇරිලා තියෙන්නේ. එතකොට රටට, සමාජයට කෙලවෙලා තියෙනවා නේද? ඒවා මානව හිමිකම් නොවේද?මොවුන් කුඩු කාරයන්ගේ සල්ලි වලට තමයි නෑ ගහන්නේ. කලිනුත් ඔහොම කතා කලාද? කීයක් දුන්නද?