
(සුජිත් හේවාජුලිගේ )
පොහොර අර්බුදයෙහි වගකීම බාරගෙන මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැතිවරයා වහාම එම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
එසේම පොහොර අර්බුදයට මග පෑදූ තීන්දු ගත් කැබිනට් මණ්ඩලයද මේ ප්‍රශ්නයට වගකිවයුතු බව මන්ත්‍රීවරයා කීවේය.
රටේ අර්බුද රැසක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා විදේශයට ගොස් සිටීම ගැටළු සහගත බව පැවසූ රහුමාන් මහතා ඔහු වහා මෙරටට පැමිණ ජනතාවගේ මෙම දැවෙන ප්‍රශ්න විසඳිය යුතු බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියනවා වගේ මුදල් ඇමති වහා මෙරටට පැමිණ ජනතාවගේ මෙම දැවෙන ප්‍රශ්න විසඳිය හැකිනම් ලොකු විහිළුවක්. ඔහු රටේ ඉඳිද්දී රටේ ප්‍රශ්න විසඳුවාද? මේ දෙගොල්ලම එකයි.
බයවෙන්න එපා. මොන ආණ්ඩුව ආවත් කවුරුවත් අස්වෙන්නේ නැහැ. ඒ වෙන රටවල්වල.. ඕක තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාලේ පාස්කු බෝම්බෙන් ඉල්ලා අස්වුණේ නැති එකේ.... මේ ආණ්ඩුවේත් ඒක එහෙමමයි. ඒක නිසා බොරුවට තප්පුලන්න එපා..
ලංකාවේ මොන ප්‍රශ්න තිබ්බත් වෙන ආගමක එක්කෙනක් මොනවා කිවුවත් වැඩක් නැහැ.චන්දයක් ලං වෙනකොට පරිප්පු ,සැමන් ටින් මිල අඩු කලාම වහල්ලුන්ට ඕක ඇති