IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කෘෂිකාර්මික බෝග ප‍්‍රවාහනයට දුම්රිය යොදාගන්නැයි ඇමැති කියයි

විනීතා එම් ගමගේ

දිවයිනේ විවිධ පළාත්වල නිපදවන කෘෂිකාර්මික බෝග නගරවලට ප‍්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදාගන්නැයි මගී ප‍්‍රවාහන කළමණාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

දැනට සිදුකෙරෙන අන්දමට එළවළු හා පළතුරු ප‍්‍රවාහනයේ දී විශාල නාස්තියක් සිදුවන අතරම විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබෙන බවත් එය පාලනය කරගනිමින් දුම්රියෙන් විශාල තොගයක් එකවර ප‍්‍රවාහනය කළ හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, පුත්තලමහ, නුවරඑළිය, බෙලිඅත්ත, වැනි ප‍්‍රදේශවල සිට එම නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට ප‍්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා අමාත්‍ය මිහන්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

බහලූම් ප‍්‍රවාහනයේ දී ද දුම්රිය යොදා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බවත් ඒ සදහා දුම්රිය තට්ටු ඇණියක් සැකසීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.

මෙම වැඩපිළිවෙල සම්බන්ධව ව්‍යාපාරික ප‍්‍රජාව සමගද අමාත්‍යවරයා ලබන සතියේ සාකච්ඡුා කරනු ඇතැයි කී එම නිලධාරියා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමෙන් මාර්ග තදබදය අවම කර ගැනීමටත් එයින් දෛනික ඉන්ධන හා කාලය නාස්තිවීම අවම වන බවත් කියා සිටියේය.
 



අදහස් (5)

කෘෂිකාර්මික බෝග ප‍්‍රවාහනයට දුම්රිය යොදාගන්නැයි ඇමැති කියයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 09:13 AM

ඇමැතිතුමාට මේ පාරනම් ආවේ නියම අදහසක්නේ.. අම්මපා මේ වගේ අදහස් හැමදාම එනවා නම් ඇමැතිතුමා ගොඩේගොඩනේ...

:       0       59

Pradeep Friday, 29 May 2020 10:08 AM

කෝච්චි ටික නියමිත වෙලාවටම ධාවනය කරවන්න පුළුවන් නම් හොඳයි. මොකද කවදාකවත් මේ දක්වා කිසිම දුම්රියක් කියපු වෙලාවට නම් ඇවිල්ලා නෑ. අනිත් කාරණය දුම්රිය සේවකයන්ගේ බඩු පැටවීම හා බෑම. එයාලා බඩු බානවා, පටවනවා නෙමෙයි විසිකරනවා. ඉතින් එළවලු ගෝනිත් ඒ වගේම විසිකරයි. හරියට එයාර්පෝර්ට් එකේ බෑග් විසිකරනවා වගේ...

:       0       6

de silva Friday, 29 May 2020 11:51 AM

දේශපාලකයන්ට ඉඳල හිටලා හොඳ අදහස් ඔලුවට එනවා... උදාහරණ - එක අැමැතිකෙනෙක් ලංකාවේ පරණ කාර් අප්‍රිකාවට යවන්න කතා කළා.. එක් කෙනෙක් කුඩුකාරයන් එල්ලන්න. ඇස්බැස්ටෝස්, ග්ල්යිෆොසේට් තහනම් කරනවා කියලා උඩ පැන්නා. බොහෝ වෙලාවට හොඳ අදහස් පහළ වෙනකොට දේශපාලකයින්ට බලේ නැහැ... බලේ තිබෙන වෙලාවට මොලේ නැහැ.. සමහර වෙලාවට බලේ සහ මොලේ යන දෙකම තිබුණත් අර අමතක වීමේ රෝගේ හැදෙනවා... අපිත් අත්පුඩි ගසමින් මාධ්‍ය සංදර්ශනය බලලා ගෙදර යනවා.

:       0       6

Siva Friday, 29 May 2020 12:21 PM

අපේ ඇමතිතුමා මොලයක් නෙමෙයි.. මොල ගෙනියන කෝච්චියක්.. එහෙම හිතෙන, කියන එහෙයියොත් නැතුවම නෙමෙයි..

:       0       0

Nimal Friday, 29 May 2020 01:04 PM

ලංකාවේ විශාලම එළවළු තොග විකිණෙන තැන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයි. හැබැයි දුම්රියක් හොයාගන්න එක්කෝ කැකිරාවට යන්න වෙනවා. නැත්නම් මාතලේ යන්න වෙනවා. සුද්දා හදපු දුම්රිය මාර්ග ඔයාලා දික්කළා කියන්නයෑ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 807 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 926 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site