IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

රියාද්හිදීය (රොයිටර්)

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි ද නිලධාරීන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය. 

ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ  තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක් කෙරුණු අතර ඊට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් සම්බන්ධ යැයි චෝදනා එල්ල විය.

මාධ්‍යවේදී කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර හෙතෙම පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පැවැත්වීය. 

සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි වාර්තා සඳහන් කරයි. 

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධයෙන් සෞදිය අරාබියට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද පරීක්ෂණයක් පවත්වැන්නැයි ද ජාත්‍යන්තරය අවධාරණය කළේය. 

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන 21 දෙනකු මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන්ගෙන් 11 දෙනකුට එරෙහි අධි චෝදනා ගොනු කර ඇතැයි ද පැවසේ. 

ජමාල් කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිවිසුමකට අත්සන් කරන්නැයි සෞදි අරාබිය තුර්කියෙන් ඉල්ලා ඇති අතර ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි තුර්කිය ප්‍රකාශ කර ඇත. 

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ හඬපට සහ තවත් තොරතුරු රැසක් තුර්කිය ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සෞදි අරාබිය සහ තවත් බටහිර රටවල් කිහිපයකටත් ලබාදීමට පියවර ගෙන තිබිණි. 

055



අදහස් (4)

කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

ඇත්ත සත්‍යපාල Thursday, 15 November 2018 11:27 PM

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ අණ කිරීම මත සහාසික ලෙස මරා දැමු බව ලෝකයම පිළිගත්තද බටහිර රටවල් මොහොමද් බින් සල්මාන් සමග ඉතා හිතවත්ව කටයුතු කරයි. අපේ රටේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ගැන බටහිර රටවල් හොටු පෙරමින් හඩා වැටෙන අයුරු බටහිර අපට කෙතරම් ආදරේයිදැයි කියලා තේරෙනවා.

:       88       203

maalaka Friday, 16 November 2018 12:45 AM

ඉහලම නියෝගය දෙන ලොක්කෝ බේරෙනවා, සොක්කෝ මැරෙනවා. ලංකාවේ වගේමයි. සොක්කෝ හිතන්නේ ලොක්කෝ ඒගොල්ලන්ව බේරා ගෙන වැඩියෙන් සලකාවි කියලා. එත් අන්තිමට මැරෙන්නේ සොක්කොයි, දුක් විදින්නේ, අනාත වෙන්නේ පවුලයි.

:       8       112

හිරාන් Friday, 16 November 2018 12:47 AM

මේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාටම නිසි දඩුවම් ලබා දිමට සිදු වනු ඇතැයි ලෝව පුරා සියලුම මාධ්‍යවේධීන් බලා සිටිනවා.

:       0       116

පෙරුමාල් Friday, 16 November 2018 04:27 AM

ලංකාවෙ සිද්ධ වෙන්නෙත් ඔය ටික තමයි.

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 57 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site